Thursday, September 16, 2021

කොලෙස්ටරෝල් Cholesterol.

කොලෙස්ටරෝල් Cholesterol.

කොලෙස්ටරෝල් හොඳ සහ නරක යන දෙකම වේ. සාමාන්‍ය මට්ටමින් එය ශරීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. කෙසේ වෙතත්, රුධිරයේ සාන්ද්‍රණය අධික වුවහොත් එය තරමක අනතුරක් බවට පත්වන අතර එය මිනිසුන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් ඇති කරයි..

ශරීරයේ සෑම සෛලයකම කොලෙස්ටරෝල් පවතින අතර ආහාර ජීර්ණය කිරීම, හෝමෝන නිපදවීම සහ විටමින් ඩී උත්පාදනය කිරීමේදී වැදගත් ස්වාභාවික ක්‍රියාකාරිත්වයක් ඇත. ශරීරය එය නිපදවන නමුත් මිනිසුන් එය ආහාරවල පරිභෝජනය කරයි. එය ඉටි සහ මේදය වැනි පෙනුමකි.

කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයකි. අප ගන්නා ආහාර මගින් මෙන්ම අපගේ සිරර තුළද කොලෙස්ටරෝල් නිෂ්පාදනය වේ. එහෙත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට ඒවා රුධිර නාලවල තැන්පත් වේ. එවිට රුධිර නාල සිහින් වෙයි. එසේ සිහින් වූ රුධිර නාල මගින් ශරීරයේ අවයවවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. සිහින් වූ රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටින්නට පුළුවන.

මෙම ලිපියෙන් අපි කොලෙස්ටරෝල් වල කාර්යභාරය පැහැදිලි කරන්නෙමු. අධික කොලෙස්ටරෝල් ඇතිවීමට හේතු සහ එහි රෝග ලක්ෂණ, ප්‍රතිකාර හා වැළැක්වීම පිළිබඳව ද අපි සාකච්ඡා කරමු.

අධික කොලෙස්ටරෝල් සමඟ ඔබේ රුධිර නාලවල මේද තැන්පතු වර්ධනය විය හැකිය. අවසානයේදී, මෙම තැන්පතු වර්ධනය වන අතර, ඔබේ ධමනි හරහා ප්‍රමාණවත් තරම් රුධිරය ගලා යාම දුෂ්කර වේ. සමහර විට, එම තැන්පතු හදිසියේ කැඩී හෘදයාබාධයක් හෝ ඇති කරන ලේ කැටි ගැසීමක් ඇති කරයි.
අධික කොලෙස්ටරෝල් උරුම විය හැකි නමුත් එය බොහෝ විට සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටා තේරීම්වල ප්‍රති පලයක් වන අතර එය වළක්වා ගත හැකි සහ ප්‍රතිකාර කළ හැකිය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, නිතිපතා ව්‍යායාම කිරීම සහ සමහර ප්‍රතිපල ගැනීම අධික කොලෙස්ටරෝල් අඩු කිරීමට උපකාරී වේ.


කොලෙස්ටරෝල් ඔබේ රුධිරය හරහා ගෙන යනු ලැබේ. මෙම ප්‍රෝටීන හා කොලෙස්ටරෝල් සංයෝගය ලිපොප්‍රෝටීන් ලෙස හැඳින්වේ. ලිපොප්‍රෝටීන් රැගෙන යන දේ මත පදනම්ව කොලෙස්ටරෝල් වර්ග දෙකි. ඒවා නම්:........

01. අඩු තත්ව ලිපොප්‍රෝටීන (එල්ඩීඑල්) හෝ "නරක" කොලෙස්ටරෝල්.low-density lipoproteins (LDL), or "bad" cholesterol.ඔබේ ශරීරය පුරා කොලෙස්ටරෝල් අංශු ප්‍රවාහනය කරයි. LDL කොලෙස්ටරෝල් ඔබේ ධමනි වල බිත්ති ගොඩ නගන අතර ඒවා තද හා පටු කරයි.

02.ඉහළ නත්ව ලිපොප්‍රෝටීන (HDL) හෝ "හොඳ" කොලෙස්ටරෝල්.high-density lipoproteins (HDL), or "good" cholesterol.අතිරික්ත කොලෙස්ටරෝල් ලබා ගෙන එය නැවත ඔබේ අක්මාව වෙත ගෙන යයි.

කොලෙස්ටරෝල් පිළිබඳ වැදගත් කරුණු:
කොලෙස්ටරෝල් යනු ශරීරය විසින් නිපදවන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි.
.අධික කොලෙස්ටරෝල් තිබීම සාමාන්‍යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරයි.
කොලෙස්ටරෝල් යනු කුමක්ද?
කොලෙස්ටරෝල් යනු තෙල් මත පදනම් වූ ද්‍රව්‍යයකි. එය ජලය මත පදනම් වූ රුධිරය සමඟ මිශ්‍ර නොවේ.
ලිපොප්‍රෝටීන් වර්ග දෙකක් කොලෙස්ටරෝල් රැගෙන යයි:මේ ආකාරයෙන් ගමන් කරන කොලෙස්ටරෝල් සෞඛ්‍යයට අහිතකර හෝ "නරක" කොලෙස්ටරෝල් වේ.
අධි නත්ව ලිපොප්‍රෝටීන් (HDL): HDL හි ඇති කොලෙස්ටරෝල් "හොඳ" කොලෙස්ටරෝල් ලෙස හැඳින්වේ.

01.කොලෙස්ටරෝල් වලක්වා ගැනීමට සුදුසු ආහාර ........
* ඔලිව් තෙල්,
* තල තෙල්
* සූරියකාන්ත තෙල්
* රට කජු තෙල්,
* සෝයා තෙල්,
* ආදිය
* අසංතෘප්ත මේදය. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි.
* අලිගැටපේර
* කජු
* රටකජු ආදියත් ආහාරයට සුදුසුයි. ....

02.එළවළු පලතුරු හිතකර කොලෙස්ටරෝල් වන HDL වර්ධනයට හේතුවනවා.
* රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි.
* රතු නිවුඩු හාලෙහි ඇති මොනොකොලින්ස් කොලෙස්ටරෝල් අඩුකර දෙන බව සඳහන් වනවා.
* නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි
* වෙල් තම්පලා,
* තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා.
* ගස්ලබු
* පේර
* දිවුල්
* දොඩම්
* නාරං
* බෙලි
* වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.

* දෙළුම් වල ඇති,රුධිරයෙහි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමේ හැකියාව නිසා එය රුධිර පීඩනය පාලනය කරමින් කොලෙස්ටරෝල් දියකර හැරීමට හැකියාවක් තියෙනවා.
* සීනි රහිත තක්කාලි දෙහි යුෂ
* තැඹිලි
* බෙලිමල්
* රණවරා කොළ කැඳ
* එළවළු සුප් පානය.

03.කොලෙස්ටරෝල් වලින් ශරීරය ආරක්ෂාකර ගැනීමට නම්
* සුදුලූනු,ගොරක,කුරුඳු,පොතු කහ ඉඟුරු,ගම්මිරිස්,උළුහාල් හා කරපිංචා සුවිශේෂ ගුණ දෙන බව සඳහන්.ඒවායින් රුධිර නාලවල අවහිරතා අවම වී කොලෙස්ටරෝල් පාලනය කෙරෙනවා.
* කහ වල ඇති කර්කමින් සංයෝගය අහිතකර කොස්ටරෝල් වලින් 26% ක් කපා දැමීමට සමත් බව සඳහන් කෙරෙනවා.
* ගොරක කාබොහයිඩ්‍රේට් මේදය බවට පත්කිරීමේ වේගය අඩුකර රුධිරය තුළ හැසිරෙන ලිපිඩ අඩුකර දෙනවා.
* වෑංජනවල ඇති ගොරක සහ අනෙකුත් දෑ විසි නොකර සපා කෑමෙන් හෝ පිසිනවිට අඹරා දැමීමෙන් වැඩි වාසිඅත් කරගත හැකියි.
* කරපිංචා ද විසි නොකර ආහාරයට ගැනීම කල යුතුයි.
* රුධිරය කැටි ගැසීම් වළකන සුදුලූනු රුධිර නාල අවහිරවීම් වළකන සුවිශේෂ ඖෂධයක්.දිනකට සුදුලූනු බික් හතරක් පමණ අමුවෙන් හෝ යන්තම් උණුවතුරෙන් තම්බා ආහාරයට ගන්නේ නම් ඉතා හිත කරයි.
* දිනකට පැය බාගයක්වත් ව්‍යායාම් වල යෙදීමෙන් සිරුරේ ලිපිඩ අඩු කර ගැන්මටත්,තරබාරුවෙන් මිදී උසට සරිලන බරක් තබා ගැන්මටත්,තවත් බොහෝ රෝගවලින් ඈත්වීමටත් හැකියි.
* වේගයෙන් ඇවිදීම,පිහිනීම,බයියිසිකල් පැදීම වැනි ව්‍යායාම් ඒ සඳහා වඩාත් සුදුසුයි.
* බාගෙට ඉදුණු සියඹලා මිරිකා සීනි දමා පානයක් සකසා බීමෙන් කොලෙස්ටරෝල් පාලනය වන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.
* සුදුලූනු ගෙඩියක බික් පොතු හැර,ඊට කරපිංචා,පාස්ලි හා කොත්තමල්ලි කොළ මිට බැගින් දමා පත පහට එකක් වනසේ සිඳුවාගත් කෂාය සතියට දෙවරක් උදය හිස්බඩ බීම.
* අමු රතුලුණු ගෙඩි දෙකක් සහ සුදු ලුණූ බිකක් සෑම ආහාර වේලක් සදහාම පාවිච්චි කරන්න.
* සුදුලුණූ බික් දෙකක් හෝ තුනක් සිහන්ව කපා වතුර වීදුරුවකට දම උදෑසන හිස්බඩ පානය කරන්න.

04.කොලෙස්ටරෝල් වැළදීමට බලපාන ආහාර ........
* මේදය අඩංගු ආහාරවලින් වැලකීම හෝ ඒවා අවම කිරීම අවශ්‍යයි.
* අධික ලුණු.
* අධික සීනි ආහාර සුදුසු නැහැ.
* පිෂ්ටය අධික ආහාර ද සීමා කළ යුතුයි.
* බටර්.
* චීස්.
* රතුමස්.
* බිත්තර.
* කහ මද,
* මස්වල තෙල් සහිත කොටස්,
* සම සහිත මස්,සම්පූර්ණ යොදය සහිත කිරි,
* ෆාම් තෙල්.
* පොල් තෙල්,
* ගැඹුරු තෙලෙහි බදින ලද ආහාර සොසේජස්,
* ක්ෂණික ආහාර,
* කේක් .
* අයිස්ක්‍රීම්.
* කුකීස්.
* මාගරින් බිස්කට් වැනි ආහාර අවම කිරීම කලයුතුයි.

එහෙත් ප්‍රධාන වශයෙන් පිරිසිදු ජලය,පිරිසිදු ඔෂධිය ගුණයෙන් යුක්ත ආහාර පරිභෝජනය කල යුතුයි.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට නම්.

කෙසේ වෙතත් මෙම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීම කලහැකි බැවින් ඒ සදහා කටයුතු කිරීම රෝගියාගේ මානසික තත්වය අනුව කල හැක.රෝගයන් බෝ වෙන්නට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළීය,වාතය,ආහාර,ජලය සහ තම මනසයි.එම කරුණු නිසි අයුරින් යම් වකුගඩු ‍රෝගියෙකුහට තම රෝගයෙන් නිට්ඨාවට සුවය ලබා ගැනීමට හැකියාවක් ඇත.එබැවින් ඒ අනුව කටයුතු කිරීමට කටයුතු කල යුතුයි..

ඕනේම රෝගයක් ඉතා ඉක්මනින් වැලදෙන්නේ පුද්ගල ශරීර තුල පවත්නා ප්‍රතිශක්තිය අවම වන අවශ්ථාවන් වලදීය.ඒ වාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවම මට්ටමක පවතින්නේ නම් වකුගඩු රෝගය පමණක් නොව පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,අධී රුධිර පීඩනයඅක්මාවේ තෙල් තැම්පත්වීම,අධික තරබාරුව,හිරුවාරදය වැනි බෝ නොවෙන රෝග,මැලේරියා,ඩෙංගු කොරෝනා වැනි වෛරස් රෝග සහ හොරි,දද,කසානා,පොතු කඹර,සුදු කඹර,හිස් හොරි,කුරුලෑ අලුහම් මෙන් සමෙහි ඇතිවෙන අසාත්මික තාවයන් පවා ඇති වෙන්නේ එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය පහල ගිය විටයි.
එසේ නම් මෙම රෝගයන් හරහා ලෝකයට ලෝක ජනතාවට උගන්වමින් සිටින පාඩම කිහිපයක් ඇත.
ඉන් පළමු වැන්න වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අවශ්‍යතාවය මෙන්ම වැදගත්කම.
එසේ සදහන් කරනු ලබන්නේ මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම සදහා ප්‍රභලම සාධකයක් වන බැවිනි.


ප්‍රතිශක්තිකරණය (Immunization) යනු කුමක්ද?
මිනිසා වන අප ජීවත් වෙන පරසරය තුල පියවි ඇසට නොපෙනෙන විෂබීජ,බැක්ටීරියා,දිලීර සහ වෛරස් බහුලව ඇති අතර ඒවායින් ශරීරය ආරක්ෂාකර ගැනීමට කරනු ලබන ආරක්ෂණයකි.එය පරිණාමයේ ප්‍රතිපලයකී.එය සෑම පුද්ගලයෙකුටම පොදු වෙන අතර එක් එක් මිනිසුන්ගේ ක්‍රියා කාරකම් නිසා තම තමන් විසින්ම අවම කර ගනී.
මේ විශ්වයේ කිසිදු දෙයක් කිසිම අයෙකුහට සගවා තාබා ගැනීමට නොහැකි වනවා මෙන්ම කෙදිනක හෝ එලියට බැමිනෙන බවද මින් සදහන් කරමි.එය විශ්වයේ නීතියයි.වර්ථමානයේ සිදු වෙමින් පවතින්නේද එයයි..
ආරක්ෂාකාරී වීම
මිනිසා වැනි කශේරුක සත්වයනිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ ප්‍රෝටීන ආහාර, සෛල, ඉන්ද්‍රියන් සහ පටක වලින් සමන්විත වේ. ප්‍රතිශක්ති පද්ධති මේවා එකට එකතු වී ගොඩ නැඟී ඇති නිසා ගතික ජාලයකි. මෙම සංකීර්ණ ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ලෙස, කශේරුකයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, විශේෂ රෝගකාරක වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකිවී ඇත. මෙම හඳුනාගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිශක්තිමය මතයක් නිර්මාන්‍ය කරන අතර අනාගතයේ දී හමුවන මෙම රෝගකාරක මඟින් සිදුවන ආසාදනවලදි පවා වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා දේ.
එය නිර්මාණය කරගනු ලබන්නේ තමන් විසින් ගන්නා ලද ආහාර රටාව අනුවයි..ආහාර රටාව වෙනස් වන්නේ නම් ශරීරයට පුතිශක්තියක් නිපදවා ගැනීමට නොහැකි වනවා ඇත.
පද්ධතියක් යනු කුමක්ද?
ඒකායන අරමුණක් සකස් කර ගැනීම සදහා අන්තර් ක්‍රියාකාරිත්වයකින් යුක්තව සාමුහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයක් වශයෙන් හැදින්වේ.
පද්ධතියක අනිවාර්යයෙන් තිබිය මූලික ලක්ෂණ වන්නේ ඒකායන අරමුණක්,සම්පත් සමූහයක්,සම්පත් අතර ක්‍රීයාකාරිත්වය..ශරීරයේ ප්‍රතිශක්ති කරණ පද්ධතියටද මෙම සිද්ධාන්තය අනිවාර්යය වේ.
පද්ධතියක මූලික ගුණාංග..
ආදානය In Put :- ඇතුල් කරනු ලබන දේ
ක්‍රීයාවලිය Process :- ආදානය උපයෝගී කරගෙන කරන කාර්යය
ප්‍රතිපලය Out Put :-සැකසීමෙන් පසු පිටතලන දේ
පද්ධතියක් වශයෙන් නම් කරන ලද සෑම දෙයකටම පොදු මෙම ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරන පද්ධතිය හරහාද සිදුවන බැවින් ඒ පිළිබදච අවධානය යොමු කල යුතුයි.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) යනු ..
ශරීරයේ එකිනෙක සම්භන්ධීකරණය කරන සෛල සමුහයක් වශයෙන් හැදින්විය හැක.ආසාදනය හෝ රෝග වැනි සෙඛයය පිරිහීමකට හේතු විය හැකි බාහිර කාරකයන් ගෙන් ශරීරය ආරක්ෂාකර ගැනීමට එය විශ්ෂ වේ.තවත් අයුරකින් පවසන්නේ නම් රෝග වලින් යම් විශ්වයේ ජීවියෙකු ආරක්ෂා කර ගැනීම සදහා ඔහු විසින්ම නිර්මාණය කර ගන්නා එම ජීවියා තුල පවත්නා ජීව විද්‍යාත්මක සංශිද්ධියක් සහ විශේෂ ක්‍රියාවලියක් සිදුවෙන පද්ධතියක් වශයෙන් හැදින් විය හැක.
එය වෛරස්,බැක්ටීරියා ,දිලීර සිට පරපෝෂීත පණුවන් දක්වාත් පුලුල් වූ විවිධත්වයක් දක්වන රෝග කාරකයන් හදුනාගෙන සටන් කර ඔවුන් පරාද කිරිමට තරම් ශක්තියක් ගැබ් වී ඇත.
තවද මෙම රෝග කාරක සෛල වලින් ජීවී දේහ වල ඇති නිරෝගී සෛල හා පටක වෙන්කර හදුනාගෙන මනා ක්‍රියාකාරිත්වයක් ශරීරයට සිදුකර ගැනීමට උදව් වෙනු ඇත.
එසේනම් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් නිරෝගී කර ශක්තිමත් කර ගන්නේ කවුරුන්ද?ඔහු හෝ ඇය නොඑසේනම් ඕනේම විශ්ව ජීවියෙකුහට කොරෝනා වෛරසය නොව ලොව පවතින රෝගයන් අතුරින් බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගීව සිටීමට හැකියාවක් ලැබෙන බව අවභෝධ කර ගත යුතුයි...


ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් කොරෝනා වෛරසය ඇතුලු බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගී පුද්ගලයෙක් වශයෙන් දිවි ගෙවන්නේ කෙසේද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් නීරෝගීව සිටීමට නම් ආහාරපාන ඉතා වැදගත් ස්ථානයක් ගනී.ඔෂධීය ගුණයන්ගෙන් අධික ගස් වැල් මෙන්ම මෙම විශ්වයේ ඇති පළතුරු එළවලු මෙන්ම පලා වර්ග මෙන්ම විශ්වයේ ආරම්භයට මුල්වූ හිරු එළිය ,වාතය පිරිසිදු ජලය මෙන්ම තම මනසද ඉතාමත් වැදගත් වේ

ආහාර ලංකාවේ තිබෙන සෑම ශාකයකම ඇත්තේ ඔෂධීය ගුණයකි.එය අවභෝධ කර ගත යුතුයි.පලා වර්ග.ඉරිමුසු,රණවරා,පොල්පලා,කොත්තමල්ලි,හීන්උදුපියලියා,මොනරකුඩුම්බිය,යකි නාරං, මදුරුතලා, බෙලි, කිරිඅගුණ, හාතාවාරිය, පාවට්ටා, නිදිකුම්භා, පලාවර්ග කැද වශයෙන් භාවිතා කල හැකි පලාවර්ග කිහිපයක්වේ. වෙනිවැල්ගැට කොත්තමල්ලි පස්පංගුව පානයද, රතුලූණු, සුදුලූණු, සූදුරු, මහදුරු, කහ, ගම්මිරිස්, කුරුදු, පැගිරි කුලයේ දොඩම්, දෙහි, ලෙමන් සහ දෙලුම්, අලිගැටපේර ගස්ලබු, පැණීකොමඩු, නෙල්ලි වැනි පළතුරුද?කොස් පොලොස් වැල වරකා, සිංහල,සහල් ආහාර මෙන්ම කැද වර්ග වශයෙන් පානයද වැදගත්ය..

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි.

ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි. ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි..
The Healing Of Universal Life Force Energy
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ්පිටුවwww.srilankaelle.com. සහ www.kangenwatersrilanka.com.
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle.
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

 

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com. . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්, හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


 

 

Click here For Contact...>>>>
       තවත් විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න..>>>

 


විශ්ව නීති.....The Universal Law.

විශ්ව නීති.....The Universal Law.

විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි.එසේ එම නිතින් නොදන්නේ නම් හෝ දැන එයට විරුද්ධව ක්‍රියාකරන්නේ නම් විශ්වයේ ඇති නීතිය අනුව දඩුවම් උරුම වන්නේය.
හැදින්වීම
මනස දියුණූවට පත් මිනිසා හෝ මෙම විශ්ව තලයට පැමිණී ඕනෑම ජිවියෙක් විශ්වයේ නිතින්ට යටත් විය යුතුයි.එය එසේ නොවන්නේ නම් විශ්වය විසින් ඒ සදහා පියවරක් ගනු ඇත්තේ එම විශ්ව නිතීන්ට යටත්වය.අප ජීවත්වෙන පරිසරය වුවත් විශ්වයේ නීතියට මේ සෑම දෙයක්ම අවනත විය යුතුයි.මිනිසා මෙන්ම සතා සිව්පාවුන් ගස්වැල් ගංගා ඇළ දොළ මෙන්ම මහ පොළව පවා විශ්වයේ නිතියට අවනත විය යුතු අතර ඒ සෑම දෙයක් සදහාම විශ්වය විසින් ලබා දී ඇති යම් ජීව බලයක් සහිතව ඇති අතර ඒවා සෑම අයෙකුගේම ප්‍රයෝජනයට සහය ලබා දිය යුතුමයි.එය එලෙසින් පැවසුවාට කොතෙක් දුරකට නැහැදිලි වන්නේ දැයි සිතා ගැනීමට අපහසු වුවත් ඔබගේ අවභෝධ කර ගැනීමේ පහසුව සදහා මෙලෙසින් සටහක් කරන්නෙමි.
උදාහරණයක් ලෙසින් තමන් දිවි ගෙවන නිවස අරගෙන බලමු.මෙම නිවසේ ගෘහ මුලිකයා වෙන තැනැත්තාගේ නිතියට එහි වෙසෙන සැම අනුගත විය යුතුයි.එසේ නොවන්නේ නම් එහි විසිම කරදයක් වනු ඇත.එමෙන්ම යම් පාසැලක් හෝ ආයතනයක් ගත්තද එම ආයතනය හෝ පාසැලේ නිති පද්ධතියක් ඇත. එම නිති පද්ධතියට එම ආයතනයේ හෝ පාසලේ සියලුම අයවලුන් කීකරු විය යුතුයි.එහි ඇති නීතින් නිසි අයුරින් අවභෝධ කරගෙන පිලි පදින්නේ නම් සෑම ප්‍රතිලාබයක්ම ලබාගත හකි බව අප දනිමු.එසේ නොවන්නේ නම් කිසිවෙකුටත් එම ආයතනයේ හෝ පාසැලේ රැදී සිටිය නොහැකි වනවාක් මෙන්ම කිසිදු ප්‍රතිලාබයක් ලැබීමටද නොහැකි වනු ඇත. මෙම විශ්වයට පැමිණී සැම විශ්වයේ නිති රීතින් නොදන්නේ නම් හෝ ඒවා නිසි අයුරින් පිලි පදිනනේ නැතිනම් එම සෑම අයෙකුම විශ්වය විසින් ප්‍රතික්ශේප කරනු ඇත.එසේම දැඩි දඩුවම් පවා ලබා දෙනු ඇත.එහි නිති රීතින් නිසි අයුරින් දැන උගත්තේ නම් විශ්වයේ ඇති සියල්ලේම ප්‍රතිලාබයන් ලබා ගැනීමට හෝ ලබන්නට ඒ නීතීන් දන්නා අයවලුනට හැකියාවක් ලැබෙනු ඇත.එබැවින් විශ්ව ජීවියෙකු වන අප විසින් විශ්වයේ නිතින් දැන උගත යුතුයි.අවාසනාවකට එම නිතින් අප වෙතින් මගහැර දමා හෝ හිතාමතිම අප වෙතින් මගහරවා ඇත.එබැවින් අප විසින් කෙසේ හෝ ඒවා අනාගත පරපුරට උරුම කර දිය යුතුය.
සෑම ආගමක දහමක සාස්තෘවරුන් විසින් මෙම විශ්ව නීතින් නිසිඅයුරු අවභෝධ කර ගනිමින් මනස දියුණූ මිනිසා වෙත ගෙනහැර දැක්වුවද මිනිසා එය මගහැර දමා ඇති බවක් දක්නට ඇත. බුදු දහමේ බුදුන්වහන්සේ මෙන්ම කතෝලික ආගමේ ජේසුස් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මෙම විශ්වයේ නිතියයි.එම ආගමික දහමක සාස්තෘවරුන් මිනිසා යහමගට ගැනීම සදහා විශ්වයේ නිතිය පිළීබද අවභෝධයෙන් යුක්තව තම ආගම් දහම් දේශනා කලද?එය නිසි ආකාරයෙන් වටහා නොගෙන තම ආගම දහම නිසි අයුරින් අදහනු වෙනුවෙට වෙනත් ආගම් දහම් විවේචනයට ලක්කරමින් දිවි ගෙවීමද පෙන්වා දිය හැක.එය උදාහරණයක් ලෙසින් ගෙන පෙන්වීමේදී එලෙස කරන්නන් විසින් විශ්වයේ පළමුවන නිතිය වන සියල්ල අධ්‍යාත්මිකව බැදී ඇත යන නීතිය බිදදමා ඇති බැවින් විශ්ව නිති අංක හය වන්දි ගෙවීමේ නිතිය යටතේ එම අයවලුනට දඩුවම් හිමි වෙනු ඇත.එය කවදා කොතනකදී කවර ආකාරයෙන් කුමන දඩුවමක් ලබා දෙන්නේද යන්න තීරණය කරනු ලබන්නේ විශ්වය විසින්මය.

විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Law
01. දිව්‍යමය ඒකීයත්වය The Law of Divine Oneness
විශ්වයේ සෑම දෙයක්ම සෑම ජීවියෙක්ම දිව්‍යමය ඒකීයත්වයකින් බැදී ඇත.එය තේරුම් ගැනීමේ පහසුව සදහා මෙගෙසින් පැවසිය හැක.මහ පොළව ගස් වැල් හා මිනිසා මෙන්ම මිනිසා හා ජලය අතරත් මිනිසා හා සතා සිව් පාවුන් අතර මෙන්ම හිරුඑළිය හා වාතය සමගින් සෑම අයෙකුම බැදී පවති.එය හරියට දිව්‍යමය වශයෙන් සැලකියු යුතුයි.ගස් වැල් මිනිසා විසින් පිටකරනු ලබන කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්ෂීජන් ලබා දෙන අතර මිනිසා විසින් ඔක්ෂීජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරනු ලබයි.ඒ ආකාරයට සෑම දෙයක්ම එකින් එක බැදී ඇති බව නිරික්ෂණය කල යුතුයි.ගස්වැල් මිනිසාට ආහාර ලබා දෙන අතර පොළව ඒවා නිසි අයුරින් පෝෂනය කිිරීමටත් කෘමිසතුන් ඒවා තව තවත් පොෂණය කිරිමටත් කටයුතු කරනු ඇත.විශ්වයට පැමිණි සෑම අයෙකුටම පැවරී ඇති රාජකාරියක් වන්නේමය.එය සැම එකින් එක බැදී ඇති බැව් අවභෝධකර ගත යුතුයි.එහි අවභෝධයක් නොවන් නේ නම් ඒවා විනාශකර දැමීමට කටයුතු කරනු ඇත.ඒ සැමගේම විනාශය සදහාමය.

02. සෑම දෙයක්ම කම්පනය විමේ නීතිය The Law of Vibration
විශ්වයේ ඇති සෑම දෙයක්ම කම්පනය වෙන බැව්ද ඒවා විශ්වයේ හා ජීවින්ගේ පැවැත්ම සදහා මනා පිටුවහලක් වන බවද සදහන් කල හැක.උදාහරණ ලෙසින් මුලු ලෝකයම භ්‍රමණය වන අතර ශරීරයේ සෑම අවයවයක්ම මෙන්ම ගස් වැල් පවා මෙම නිතියට යටත්ය.එසේ නොවන්නේ නම් එය විනාශය කරා යනු ඇත.

"විශ්වයේ සෑම දෙයකම සංඛ්‍යාතයක් සහ කම්පනයක් ඇත," වයිල්ඩර් පවසයි. "සෑම විටම යමක් ඉවතට තල්ලු වෙමින් හෝ යමක් දෙසට ඇදී යන හෙයින් කිසිවක් කිසිදා නිශ්චලව නොසිටිනු ඇත." තවද, සමාන කම්පනයක අයිතමයන් එකිනෙකා වෙත ආකර්ෂණය වේ. එබැවින්, ඔබේ ආශාවන් ප්‍රකාශ කිරීමට මෙම නීතිය භාවිතා කිරීමට නම්, ඔබේ කම්පනය ඔබට අවශ්‍ය දේ සමඟ ගැලපිය යුතුය.


03. ක්‍රියාත්මක වීමේ නිතිය. The Law Of Action.


04. ප්‍රතිචාර දැක්වීමේ නිතිය. The Law Of Correspondence.

05. හේතුවට යම් පළයක් තිබීමේ නීතිය. The Law Of Cause and Effect.

කර්ම නීතිය ලෙස ද හඳුන්වන හේතු ඵල නීතිය, ඕනෑම ක්‍රියාවක් ප්‍රතික්‍රියාවක් ඇති කරන අතර ඔබ හොඳ දේ හෝ නරකින් එළියට දැමූ ඕනෑම දෙයක් ඔබට ආපසු ලැබෙනු ඇත. මෙම නීතියේ බලය උපයෝගී කර ගැනීම සඳහා, ඔබේ ක්‍රියාවන් සහ තීරණ ඔබට පමණක් නොව ඔබ අවට සිටින සියල්ලන්ටම කෙසේ බලපායිද යන්න පිළිබඳ විමසිලිමත් වන අතර හොඳ මනෝභාවයක් යැවීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන්න.


06. වන්දි ගෙවීමේ නීතිය. The Law Of Compensation.

වන්දි නීතිය යනු ඔබ වපුරන දේ නෙලා ගැනීමයි. "විශ්වයට ලබා දිය හැකි සෑම ආකාරයකින්ම ලබා ගැනීමට අප විවෘතව සිටින තාක් කල් අපගේ වැඩ සඳහා වන්දි ගෙවනු ඇතැයි එය අප කෙරෙහි විශ්වාසය ඇති කරයි,"

පැහැදිලිව කිවහොත්, මේ අර්ථයෙන් වන්දි ගෙවීම රැකියා සැලැස්මට හෝ මූල්‍ය වන්දි වලට පමණක් සීමා නොවේ. ඒ වෙනුවට, ඔබ පතුරුවන ආදරය, ප්‍රීතිය සහ කරුණාව ඇතුළුව ඔබ අවට ලෝකයට ලබා දුන් සියළුම දායකත්වයන්ට වන්දි ලැබීම ගැන ය; ඒ සියල්ලටම විපාක ලැබේ.


07. ආකර්ෂණතා නීතිය. The Law Of Attraction.
08. ශක්තිය නිතර සම්ප්‍රේෂණය කිරිම. Perpetual Transmutation Of Energy.
ශක්තිය නිරන්තරයෙන් සම්ප්‍රේෂණය කිරිමේ හැකියාව. The Law Of Perpetual Transmutation Of Energy.

"මෙම නීතියෙන් අදහස් කරන්නේ කුඩාම ක්‍රියාවට පවා දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි," වයිල්ඩර් පවසයි. බලවත් ගසක බීජයක් සිය පොරොන්දුවේ සියළුම කුඩා කවචය රඳවා තබා ගන්නවා සේම, කඳු චලනය කිරීමට ද ඔබ තුළ බලය ඇත.

09. සාපේක්ෂතා වාදය පිළීබද නීතිය. (ඥාතීත්වය) The Law Of Relativity.


10. ධ්රැවීයතාව පිළිබඳ නීතිය. The Law of Polarity.

සෑම දෙයකටම ධ්‍රැවීය ප්‍රතිවිරෝධයක් ඇත: ඉහළට තිබේ නම් පහළට ඇත. ආලෝකය තිබේ නම් අඳුරු වේ. එකක් නැතිව අනෙකාට පැවතිය නොහැක.

මෙම ධ්‍රැවීයතාවයන් අත්විඳීම මිනිස් අත්දැකීමේ කොටසක් බවත්, අපේ වැරදි වලින් ඉගෙන ගැනීමටත් අපට අවශ්‍ය නැති දේ හඳුනා ගැනීමට අපට සහාය වන බවත් අපට අවශ්‍ය දේ වඩාත් පැහැදිලි කර ගත හැකි බවත්ය.


11.රිද්මයේ නීතිය. The Law Of Rhythm.
12.ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ නීතිය. The Law Of Gender.

ඇල්බට් සීයාගේ මෝඩ පෙට්ටය සහ මෝචරියේ කතාව.....

මට මේ කතාව පවසන ලද්දේ මගෙන් බෙහෙත් ගන්න(රෝගය සදහන් කරන්නේ නැත) පැමිණි මගේ ගමේම මිතුරෙක් වන ඉන්දික ගෙනි..

.වර්තමානයේ ප්‍රෙද්ශයේ සිටින කෝටිපතියෙකි...

මම රෝගයක් සදහා නිසි අයුරින් බෙහෙත් නියම කරනු ලබන්නේ හෝ ක්‍රමවේදය කියා දෙන්නේ ඔහු සමගින් බොහෝ වේලාවක් කතා කරමින් ඔහුගේ වැරදි ජීවන රටාව,ඹහු විසින් ගන්නා ආහාර රටාව මෙන්න ඹහුගේ මනසේ ස්භාවය පිළීබද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරිමෙන් ඔහුගේ රෝගයේ ස්භාවය තේරැම් ගැනීමෙන් අනතුරුවය...

ඉන්දික නමින් වූ ඔහු කතාවට තාමත් දක්ෂයෙක් විය..රෝගය මෙන්ම තමන් ගැන තමන්ගේ... රැකියාවේ ස්භාවය..තම බිරිද දුරුවන් පිළීබද විස්තර මෙන්ම ඉතාමත් දුක් කරදර මැදින් වර්තමානයේ පැමිණි ගමන් මගද පවසමින්...දුක් කම් කටොලු මැදින් කෝටිපතියෙක් වූ ආකාරය පිළීබදව සදහන් කරන ලද්දේ මාගේ නිවසේ අනෙකුත් අයවලුන්ද සිටින ස්තානයේදීමයි..

ඒ අවශ්ථාවේදී මා ලබාගත් විස්තරයට අනුව ඔහුගේ රෝගයට උපදෙස් ලබා දෙන අවශ්ථාවකදී...ගෙදර ඇති රුපවාහිණීය දෙස බලමින් හෝ නාට්‍යයක් රුපවාහිණී නිවේදන හෝ තමන් සිත්ගන්නා දෙයක් බලාගෙන කිසිම විටෙක ආහාර නොගත යුතු බවද?එසේ කරන්නේ නම් එය ආහාර ජී්රණයට මහත් බලපෑමක් කලහැකි කටයුත්තක් බවද එසේ වෙන ආකාරය පිළීබදව විස්තර කරදෙන ලදී....

පුරුද්දක් ලෙසින් එලෙසින් ආහාර ගැනීමේදී තම මනස යොමු වන්නේ තමන් ගන්නා ආහාරයට නොව තිරයේ දිස්වෙන තමන්ගේ සිත්ගත් කතා වශ්තුවට බැවින් වැඩිපුර ආහාර ගත හැකි වුවත් එය ශරීරයට අහිතකර විය හැකි බව පවසන ලදී..

එමෙන්ම වර්තමානයේ දරුවන්ට දෙමව්පියන් විසින් ආහාර ලබා දීමේදී මෙම ක්‍රමවේදය අනුගමන කරන අතර දරුවන් වැඩි වැඩියෙන් ආහාර ගන්නා බව සත්‍යයක් වුවද මනසින් දරුවන් ආහාරය සමගින් නොසිටන බැවින් පසු කාලීනව අතුරු ආභාධයන්ට මුහුණ දීමට සිදිවනු ඇත යන්න සදහන් කරන ලදී.

තවද වර්තමානයේ දරුවන් දුරකතනය ලගින් තියා ගනිමින් තමන් සිත්ගත් කතාවක් හෝ කුමන වැඩ සටහනක් නරඹමින් ආහාර ගන්නා අතර ආහාර වැඩි ප්‍රමාණයක් අනුභවය කරන්නේ තමන්ද නොදෑනීම මතය...එහෙත් කවුරු කැමති වුවත් අකමැති වුවත් එසේ ආහාර ගැනීමේදි ආහාර දිරවිම නිසි අයුරින් ඉටු නොවන්නේ තම මනස වෙනත් සිත්ගත් කාර්්‍යයක් සදහා යෙදී ඇති බැවිනි...

එබැවින් ගන්නා ආහාරයේ නිසි පෝෂ්‍ය කොටස් ශරීරයට උරා නොගැනීම.... ආහාර ශරීරයේ ආමාශයේ තැම්පත්ව අපිරිසිදු වෙමින් විෂ අම්ල නිර්මානය වීමෙන් ගැස්ට්‍රයිටීස් ඒ හරහා පිලිකා රෝගය,ශරියේ සිනි අඩු වැඩි වෙමින් දියවැඩියා තත්වයට පත්වීම,ආමාශයේ විෂ අම්ල නිර්මාණය විමෙන් ආතරයිටීස් රෝගයට ගොදුරුවිමටත් මනස ඒ සදහා හුරුවීමෙන් සෑම අවශ්ථාවකදීම එලෙස නොමැතිව ආහාර අනුභවය සහ ආහාරයට ඇති රුචිකත්වය අඩු වැඩි වෙන බවද සදහන් කරන ලදී...

එමෙන්ම ඔහු විසින් සදහන් කල තවත් කරුණකදී මා ලබාගත් ඔහුගේ විස්තරයට අනුව ශිතකරණයේ තැම්පත් කර ඇති ආහාර පිළීබදවද සදහනක් ලබා දුන් බැවින් ඒ සදහා විස්තර ඉදිරිපත් කරන ලදී්‍....

මා විසින් ඉන්දික අමතා ඉන්දික මේ ලංකාවේ මුදල් අතින් යම් යම් අඩුපාඩු ඇති ගෙවල් හැර යමක් කරන්න පුලුවන් ගෙවල් ගත්තොත් ලංකාවේ රුපවාහිණීයක් නොමැති එකම ගෙදර මගේ ගෙදර කියලා පිලි ගන්නවාද??මම ප්‍රශ්ණයක් යොමු කරන ලදී....අනික් කරුණ නම් මගේ ගෙදර ශිතකරණයක් ගත්තේම නැහැ ..ඒකේ විෂ මම දන්න නිසා ඒත් බිරිදගේ මල්ලි බලෙන් වගේ දීලා ගියා අක්කට පහසුවක් වෙන්න කියලා...ඒ සියලල්ලම අපිට විෂයි...මම කියාගෙන ගියා..

ඇත්තම නේන්නම් රුපවාහිණියක් නැහැ ..ඇයි ඒ ...කවදා ඉදලද ප්‍රශ්ණ වැලයි....

මම මොකටද ලෝකයේ ..එක එකාගේ බොරු අහන්නේ..බොරු බලන්නේ්‍...දරුවන් හදාගන්න බැරි වෙනවා

ඒ නිසා ගෙදරින් රුපවාහිණිය අයින් කරලා වසර විසි පහකට වැඩියි.. දැන් පුතාගේ වයස අවුරුදු විසි අටයි...ඉන්ජිනේරුවෙක්...දුව අවුරුදු විසි හතරයි විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම උපාධීය හදාරනවා...මම රුපවාහිණීය ගෙදරින් අයින් කලේ පුතා දෙවනි වසරේදී එයා ඒකට හුරුවේගන එන බව දැක්ක නිසා ...අදටත් නැහැ ..දැන් ඒ අයට අවශ්‍යයත් නැහැ...අවශ්‍ය උනොත් අන්තර්ජාලය හරහා වැදගත් දේවල් නරඹනවා...

දැන් ඹබත් රෝගීයෙක් වෙලා ඔබත් රුපවාහිණීය බලාගෙන දරුවන් සමග ආහාර ගන්න බව කිව්වා නේද? අද ඉදල ඒ ක්‍රමය නවත්වන්න කියලා මම කිව්වා...තවත් බොහෝ විස්තර කරලා මගේ කතාව නැවැත්වුවා විතරයි්....

ඉන්දික කතාව පටන් ගත්තා....ජූඩ් අයියේ ඔයා කියන්නෙත් අර අපේ ඇල්බට් සීයා කියපු කතාවමයි...ඔයා දන්නවා හොදටම....එහා හොරගොල්ලේ....

...මම කිව්වා... ඔව්... ඔව් ..මම දන්නවා. අර අමුඩ කෙටිය ගහගෙන වෙලේ වැඩකරනව මම දැකලා තියෙනවා....මම කිව්වා...ඒ සමගින්ම මම ඇහැව්වා මොකක්ද ඒ කතාව කියන්න මමත් අහන්න ආසයි කියලා...

දන්නවානේ ...එයා කුඹුරේ වැඩ කරන්නේ අමුඩය ගහගෙන...ඉර පායන කොට වෙලට වැඩට ගියාම හවස් වෙනකම් වැඩ කෑමත් අරගෙන තමයි වෙලට යන්නේ ... එන්නේ ඉර බැහැගෙන ගියාම..අපිත් යනව සෙල්ලම් කරන්න පාසැල් ඇරිලා එහෙමත් නැත්නම් නිවාඩු දවසට උදේ වරුවේ...අම්මල වෙලේ වැඩ...තම්පලා ..මුකුණුවැන්න කඩනවා අපි සෙලල්ලම් කරනවා...ඒ දවස්වල ඇලේ ඔයේ වතුරනේ අපි බිව්වේ ...ඔයාට මතක ඇති....මම කිව්වා ඔව් ඔව් අපිත් පාසැල් ඇරිලා අවිත් ඉන්නේම වෙලේම තමයි...අම්මෝ මාර කාලයක් නේද??මමත් කිව්වා..ඒව කියන්න ගියොත් දැන් කාලේ අය විශ්වස කරන්නේ නැහැ...

ඉතින් ඒ සෙල්ලම් කරලා ඉවර වෙලා... ගෙදර යන්න ලැහැස්ති උනාම...ඇල්බට් සියා වෙලේ වැඩ...අපි පුරුද්දක් වශයෙන් ඒ කාලේ වැඩිහිටියෙක් හිටියොත් අපි යනවා කියලා කතා කරල තමයි යන්නේ...දැන් කොහෙද ඒවා...

මට මතකයි මම සෙල්ලම් කරලා ඉවර වෙලා ගෙදර යන්න ලැහැස්තිවෙලා සීයේ අපි ගිහින් එන්නම් කියලා කියපු බොහෝ දවසක කිව්ව කතාව තමයි...

.....දැන් නටල නටල පලයල්ලා....ගිහින් අර මොඩ පෙට්ටිය දාගෙන බඩගිනි වෙනතුරු ඉදපල්ලා...ඒක දාගෙනම කොටා බාපල්ලා....ඉතිරිවෙන ට්ක මෝචරියට දාලා පස්සේ කාපල්ලා...ඒවා කාලා ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් බිලා මැරියල්ලා....කියපු එක මට අදවගේ මතකයි....

ඔයා දැන් කියන්නෙත් ඒකම තමයි කියලා කිව්වා...

මමනම් ඒක දැනගෙන නෙමේ කිව්වේ ඔක වෙන්නේ වසර කියකට විතර කලින්ද?මම ඇහුවා..

දැන් මගේ වයද අවුරුදු පනස් හතරයි...වසර තිහකට තිස් පහකට කලින් රූපවාහිණී යන්ත්‍ර අපු දවස්වලම වාගේ....මම මේ හිතන්නේ...බලන්න ඒ අයට තේරුම් ගියේ කොහොමද කියලා...

මම කිව්වා ...ඉන්දික ඒ මිනිස්සු ..අපේ අම්මල තාත්තල...සියා ..ආච්චි..අත්තල..මුත්තල කිව්වේ මොනවාද?...කොහොමද ඒ අයගේ දැනුම කියලා මම තවත් බොහෝ දේ කතා කරමින් සිටියා....

සතියක් දෙකක් යනවිට ඔහුගේ වසර දහයක් පහලොවක් විතර තිබුන රෝගය නිධ්ටාවට සුවකරන්න මට හැකි වුවා.....

ඉතින්, මම දැනටමත් පිලිකා ඇතුළු බොහෝ රෝගයන් සුවකර ඇත..මේ එක් පණිවුඩයකි.

රෝගීන් සමග කතාකරන කොට හමුවෙන විස්තර මේ කතාවත් සමගින් මම ලියන්න අදහස් කලා මේ පළමු වැන්න...

ඉන්දිකගේ විඩියෝ පටයක් කරන්න අදහක් තියෙනවා බලමු...

මෙම පණිවිඩය ඔබේ ආදරනීන් වෙත හෝ වෙනත් සමුහයන් වෙත යොමු කරන්න එය බොහෝ ජීවිත බේරා ගැනීම සඳහා උපකාරී වනු ඇත..

තවද ශරීරයේ හටගන්නා පිලිකා. කොලෙස්ටෙරෝල්. දියවැඩියාව. ආතරයිටිස්. වකුගඩුවල අමාරු. රුධිර පීඩනය.(පෙෂර්).අධික තරබාරුව. ස්නායු ආබාධයන්.අක්මාවේ තෙල්. ඉරුවාරදය..ඇදුම පීනස.මලබද්ධය.මතක නැතිවීම.නින්ද නොයාම.පාකින්සන්. කොන්දේ අමාරු. දද කසානා.ආසාත්මික තාවයන්.ඇතුළු සියලුම බෝ නොවෙන රෝග,බෝවෙන රෝගයන් මෙන්ම කොරෝනා වැනි වෙරස් රෝගයන් නිට්ටාවට සුවකරන්න..හැකියාවක් සහ උපදෙස් ලබාදීමට මා සූදානම්..අමතන්න 0718669451.කිසිම බෙහෙතක් නොබී දිවි ගෙවන හැටි උගන්වන්න පුළුවන් බැවින් මෙය හැකිතාක් ෂෙයා කරන්න..විශ්වජීවබල වෙදයාචාර්ය්‍ය එස් ජූඩ් සිල්වා දුරකතන අංක 0718669451.0332262409

වෙබ් www.srilankaelle.com

යුටියුබ් Sri Lanka Elle හෝ Elle News

පේස්බුක් Elle Pa Per .

Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


Click here See Related page
       ඉතිරි කොටස ලගදීම බලාපොතේතු වෙන්න


බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..

බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy.

බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලොව පවතින අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බෙහෙත් නොබී ශරීරය නිරෝගීව තබා ගැනීමේ ක්‍රම වේදයන් වන අතර යම් රෝගයක් වැලදී ඇත්නම් ඒවා කෙතරම් බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන්න විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකි අතර මේ එක් ක්‍රමවේදයක් පමණක් වේ.

කිසිදු ඔෘෂධ වර්ගයක් භාවිතයට නොගෙන විශ්වයේ ඇති ජීව බලශක්තිය (Universal Life Force Energy) උපයෝගී කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාර.මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබදව ශ්‍රී ලංකාවෙන් මුල්වරට මුලු ලෝකවාසී ජනතාවගේ හිත සුව පිණීස හදුන්වා දෙනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ බළලත් නිළධාරියෙකු ලෙසින් සේවය කොට විශ්‍රාම ලබා සිටින හෙළජීවබල වෛද්‍ය එස් ජූඩ් සිල්වා විසිනි.දිනය 2017 ජනවාරි මස 22 වන දින සිට මේ පිළීබදව අධ්‍යයනය කරමින් එය සාර්ථක අන්දමින් පවත්වා මහගු ප්‍රතිපලයන් ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මහජනතාව මෙන්ම ලෝකයේ මහජනතාවගේ හිතසුව පිණිස 2020 සැප්තැම්බර් මස 28 වෙනි සදුදා දින ප්‍රශිද්ධීයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පළමුවරට හෙලි කරන තවත් සත්‍ය හෙලිදරව්වකි.සොයා ගැනීම ආරක්ෂාවිම අනාගත පරපුර ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමකි.ගස්වැල් සතා සිව්පාවුන්,ගංගා ඇළ දොළ මෙන්ම මනසක් ඇති මිනිසා පවා විශ්වයේ එක් නිර්මාණයක් මෙන්ම ජීවීන්ය.මෙම ජීවීන් අතර පෙනෙන සහ නොපෙනෙන ජීවීන් විශාල වශයෙන් සිටින අතර ඒවා මනස දියුණු යැයි කියාගන්නා මිනිසාට පමණක් පෙනෙන ජීවීන් පවා විශ්වයේ ඇතත් මනසක් තිබූ පලියට එම ජීවීන් සහ වශ්තූන් පෙනෙන්නේ නැත.තම මනස දියුණූ කර ගැනීමට කටයුතු කරනා කවර පුද්ගලයෙක්වේද ඔහුට හෝ ඇයට මෙම සත්‍ය අවභෝධ වෙනු ඇතත් අනෙක් කිසිවෙකුටත් එය අවභෝධකර ගැනීමට අපහසු කරුණක් වනු ඇත.

මෙම වෙදකම හරහා ශරීරයට වැලදෙන බෝ නොවෙන රෝග වශයෙන් හදුන්වනු ලබන පිලිකා,කොලෙස්ටරෝල්,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයීටීස්,දියවැඩියාව,වකුගඩු අමාරු,ඉරුවාරදය,මේදය අධික වීම,ඇදුම පීනස,ස්නායු ආභාධයන්,මතක නැතිවීම,නින්ද නොයාම,මලබද්ධය,කොන්දේ අමාරු,සීනි තත්වය ඉහල පහල යෑම,සමේ ඇතිවෙන අසාත්මිකතාවයන් වැනි රෝගයන් මෙන්ම බෝ වෙන ඩෙංගු වැනි රෝග බැක්ටීරියා වෛරස් මගින් ඇතිවෙන සියලුම රෝගයන් මෙම නව වෙදකම හරහා නිට්ඨාවට සුවකර ගැනීමට හැකියාවක් ඇති අතර නිරෝගීව ජීවිතය ගෙන යාමට හකියාවක් ලැබෙනු ඇත.

මෙම වෛද්‍ය ප්‍රතිකාර මෙතෙක් ලෝකයේ තාක්ෂනයෙන් ඉහල විදේශීය ජාතීන් විසින් පරීක්ෂණයන් පවත්වමින් මහජනතාව දැනුවත් කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ මේ වන විට ප්‍රායෝගීකව සිදු කරමින් පවති. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ මේ පිළීබද සිතිමට පවා අපහසු වී ඇත්තේ අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ගේ මනසේ සහ සිතුවිලි තුල යම් දුර්වලතාවයක් ඇති බැවින් ඒවා ප්‍රතිකෂේප කිරිමට තරම් හේතුවක් වි ඇති අතර ඒ අනුව දිනෙන් දින බරපතල ලෙසින් රෝගයන්ට ගොදුරක්ව මියයාම දක්නට ලැබීමද කණගාටුදායකය.

යම් අයෙකුහට රෝගයක් වැළදීම සිදු වන්නේ ශක්තිය විෂම වු අවශ්තාවන් හිදි අපගේ ප්‍රතිශක්තිකරණ පදිධතියට එය මර්ධනය කරගැනීම අපහසුතාවයන්ට ලක්වූ විටයි.මෙම ප්‍රතිකාර ක්‍රමයේදී විෂම වූ ශරීරය සම තත්වයට ගෙන යාම සදහා ශරීරයට පමණක් නොව මනසටද ප්‍රතිකාරයක් ලබා දීම සිදුකල යුතුයි.ශරීරයේ ඕනෑම දුර්වලතාවයක් මග හැරීමට මෙම ශක්තීන්ට බලයක් ඇත.මේ පිළීබදව දැනුවත්ව නිවරදිව කටයුතු කරන්නාවු යම් අයෙක් වන්නේද ඔහු හෝ ඇය කිසිදු බෙහෙතක් නොබී සුවය ලැබීමටත් නිරෝගී සිරුරක් හිමි අයෙක් නම් සදාකාලිකව බෙහෙත් නොබොමින් ජිවිතය රැගෙන යාමටත් හැකියාවක් ලැබෙන බැවින් සෑම අයෙකු විසින්ම මේ ප්‍රතිකාර ක්‍රමය පිළීබදව දැනුවත් විය යුතුය.එසේ නොමැතිනම් සත්‍ය අසත්‍යතාවය පිලිබදව සොයා දැනගත යුතුයි.එය වත්මන් සහ අනාගත දරු පරපුරට උරුමකර දිය යුතු අපගේ යුතුකමක් වන්නේය. එලෙසින් කටයුතු නොකරන්නේ නම් කුඩා අවධිදිම බරපතල ලෙසින් රෝගා භාධයන්ට ලක්වීම වැලැක්විය නොහැකි කරුණක් වන්නේය.

විශ්වය විසින් විශ්වයට පැමිණෙන ජීවීන්ට යම් ශක්තියක් ලබා දුන්නද එම ශක්තීන් නිසි අයුරින් පරිහරනය කර නොගනිමින් විනාශකර ගනිමින් හා විශ්වයට නුසුදුසු පරදි කටයුතු කරන්නවු යමෙක් වන්නේද එවන් අයවලුන් විශ්වයේ නීතියට අනුව දඩුවම් ලැබීමට උරුමකම් ලබනු ඇත.එය උස් පහත් බාල මහලු මෙන්ම දුප්පත් පොහොසත් කිසිදු බේදයක් නොලකමින් ලබා දීමටද විශ්වය මැලි වන්නේ නැති බව හොදින්ම මතක තබා ගත යුතුය.

විශ්වයේ ජීව බල ශක්තිය යනු කුමක්ද? (What is Universal Life Force Energy.?)

එය කොටස් දෙකකි.එනම් පෙනෙන නොපෙනෙ සහ දැනෙන නොදැනෙන වශයෙන් වර්ග කිරීමකට ලක්කල හැක.එම කොටස්ද තව තවත් කොටස් වලට බෙදී ඇත.

මෙම විශ්වයේ ඇති වාතය හිරුඑළිය සෑම ජීවයක් ගස් වැල් සතා සිව්පාවුන් ඇල දොළ ගංගා මහ පොළවටද ජීවයක් මෙන්ම යමක් කිරීමේ ශක්තියක් විශ්වය විසින් ලබාදී ඇති අතර එය එක් එක් ජීවින්ට යම් යම් ක්‍රම මගින් ලබා දී ඇත.

උදාහරණයන් වශයෙන් ගතහොත් හිරුඑළිය සහ වාතය විශ්වයේ ජීවින්ට නොපෙනුනද එය ශරීරය ස්පර්ශකරමින් ශරීරයට දැනීමක් ඇති කරයි.ජලය සහ ගස්වැල් සතා සිව්පාවුන් ගත හොත් එම ජීවින් පෙනෙන ජීවින් වර්ගයට අයත්ය.මේ විශ්වයේ ඒ ඒ ජීවීන්ට මෙන්ම මනස උසස් යැයි සම්මත මිනිසාටද පැවරුන යම් කාර්යක් විශ්වය විසින් ලබා දී ඇත.එය අප විසින් අවභෝධ කර ගත යුතුයි.

වාතයට ඇති කාර්ය වාතය විසින් ඉටු කල යුතු අතර හිරුඑළියට ලබාදී ඇති කාර්ය එය ඉටුකල යුතුය.මිනිසාට ලබා දී ඇති කාරිය ඔහු විසින් ඉටුකල යුතුයි.ජලය ගස්වැල් හා සතා සිව්පාවුන් සදහා ලබාදී ඇති රාජකාරින් ඒවා විසින් ඉටුකල යුතුයි.ඒවා තේරුම් ගැනීමේ පහසුව සදහා මෙලෙසින් පෙන්වා දිය හැක.වන ජීවින්ට ලබාදී ඇති කාර්ය ඔවුන් විසින්ද?ගස් වැල් වෙත ලබාදී ඇති කාර්ය ඒවා විසින්ද ඉටුකල යුතුයි.අඹ ගස විසින් අඹ ලබා දිය යුතු අතර පොල් ගස විසින් පොල් ලබා දිය යුතුයි.අනෙක් ශාක වර්ගයන්ද එසේමය.ඇල දොළ ගංගා සහ උල්පත් වලින් ජලය ලබා දිය යුතු අතර ඒවා ජීවීන්ගේ එක් එක් අවශ්‍යතා සදහා යොදාගත හැකි පරිද්දෙන් විශ්වය විසින් නිර්මාණය කර ඇත.එය එසේ නිර්මාණය කර ඇත්තේ මනස දියුණූ යැයි කියා ගන්නා මිනිසාට පමණක් නොව විශ්වයේ පැවැත්ම උදෙසාම පමණක් වන්නේය.

හිරුඑළීය,වාතය,ජලය,පස,ශාක වර්ග,මිනිසා ඇතුලු සියලුම ජීවීන්,පළතුරු,එළවලු මෙම සෑම දෙයකටම විශ්වය විසින් යම් ජීවයක් එක්කොට ඇත්තේ සියලුම ජීවීන්ගේ සහ විශ්වයේ පැවැත්ම උදෙසාය.

හිරුඑළීය:-

සම ආශ්‍රිත පිළිකා මගින් ආරක්ෂා වීමට :- හිරු එළියට දැඩි ලෙස නිරාවරණය වීම මගින් සමේ පිළිකා තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව පැවසුනත් හිරු එළියට අවම ලෙස නිරාවරණය වීම මගින් ඇතැම් පිළිකා තත්ත්වයන්ගෙන් මිදීමට උපකාරී වන අතරම එමගින් සොඛ්‍ය වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලැබේ. එය සිදු වන්නේ උදෑසන හිරු එළියේ අන්තර්ගත වන විටමින් ඩී හරහා ය. මිනිස් ශරීරයට අවශ්‍ය විටමින් ඩී 90% සිට 95%ක ප්‍රමාණයක් හිරු එළිය මගින් ලබා ගැනීමේ හැකියාව පවතී.

මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට :- හිරු එළියට මිනිස් මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට, සතුට ගෙන ඒමට සතුට ගෙන ඒමට හැකියාව ඇත. මෑතකදී කරන ලද පරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇති පරිදි හිරු නැගෙන වෙලාවේ සහ හිරු බැසයන වෙලාවේ හිරු එළියට නිරාවරණය වීම මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා උපකාරී වේ.

දවසේ කාළගුණය මත  මිනිසුන්ගේ මානසික තත්ත්වය රදා පවතින අතර හිරු එළිය අවම දවස්වල මිනිස් ක්‍රියාකාරකම් අලස බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ඒ අනුව දවසේ හිරු එළිය පවතින හෝරාවන්වලදී මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාකාරී ලෙස සිදු වේ.

හදවත් රෝගවලින්, දියවැඩියාවෙන් තොර ජිවිතයකට :- හදවත් රෝගවලින් මිනිස් සිරුර ආරක්ෂා කිරීමේ  හැකියාව හිරු එළිය මගින් ලැබෙන තවත් ප්‍රතිලාභයක් වන අතර බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් දක්වන ආකාරයට එක්සත් රාජධානියේ පුරවැසියන් ග්‍රීස්ම සෘතුවට  සාපේක්ෂව සරත් කාලයේදී වැඩි වශයෙන් හදවත් රෝග මගින් මරණයට පත් වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ සරත් කාලය තුළදී හිරු එළිය මගින් ලැබෙන විටමින් ඩී ප්‍රමාණය අවම හේතුවෙනි.

එමෙන්ම මිනිස් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ශිත කාලය තුළ ඉහළ යන බව පරීක්ෂණ මගින් හෙළි වී ඇති අතර එයට හේතුව වන්නේද විටමින් ඩී අවම ලෙස මිනිස් ශරීරයට ලැබීමයි.

දියවැඩියාවෙන් වැළකීමටත් හිරු එළිය වැදගත් සාධකයක් වේ. විටමින් ඩී නිසි පරිදි ශරීරයට ලැබීමෙන් දියවැඩියාවට ගොදුරු වීමේ හැකියාව අවම අතර එමෙන්ම කුඩා දරුවන්ට විටමින් ඩී අතිරේකව ලබා දීමට එක හේතුවක් වන්නේ පළමු වර්ගයේ දියවැඩියාවෙන් වැළකීම සදහාය.

ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනීමට :- මහාචාර්ය මිචෙල් හොලික් පවසන ආකාරයට මිනිස් ශරීරයට අවශ්‍ය කැල්සියම් උරා ගැනීම, අස්ථි පද්ධතිය නිරෝගිව තබා ගැනීම සඳහා මෙන්ම අස්ථි ආශ්‍රිත  රෝග වලින් අරක්ෂා වීම සඳහා දිනකට විනාඩි පහක සිට විනාඩි පහළවක් දක්වා හිරු එළියට නිවාරණය වීම ඉතාම වැදගත් වේ. සතියට දින තුනක් මෙලෙස හිරු එළියට නිරාවරණය වීම මිනිස් සොඛ්‍යය වර්ධනය කරගැනීම සඳහා වැදගත් වේ.

සෘතුමය රෝග මගින් ආරක්ෂා වීමට :- ශ්‍රී ලංකාව තුළ දක්නට නොමැති එක් එක් සෘතුවලට වැළඳෙන රෝග තත්ත්වයන්ගෙන් වැළකීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. විසාදිය වැනි රෝගී තත්ත්වයන් හටගැනීමට සහ එවැනි රෝග උත්සන්න වීම සදහා හිරු එළියට නිරාවරණය නොවීම එක් හේතුවක් වේ.

ශක්තිමත් දත් දෙපළකට :- නිරෝගී මුඛ සොඛ්‍ය පවත්වාගෙන යාම සදහා හිරු එළිය වැදගත් වේ. හිරු එළියට නිරාවරණය නොවන කුඩා දරුවන්ට වඩා හිරු එළියට නිරාවරණය වන කුඩා දරුවන්ගේ දන්ත සොඛ්‍ය යහපත් බවත් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

මාංශ පේශිවල  වේදනාවලින් මිදීම සඳහා හිරු එළියෙන් ප්‍රතිකාර ලැබේ. එපමණක් නොව පියයුරු පිළිකා ගැබ්ගෙල පිළිකා සහ උදරය ආශ්‍රිතව හටන්න පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හිරු එළියට පවතී.

රෝගවලින් වැළකීමේ හැකියාව :- සමේ තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සදහා හිරු එළිය වැදගත් වේ. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. හිරු එළිය රුධිර සෛල නිෂ්පාදනයට උපකාරී වේ. එමෙන්ම රෝගවලින් ආරක්ෂා වීම සදහා හිරු එළිය උපකාරී වේ .

සරුබව ආරක්ෂා කරගැනීමට

හිරු එළිය මගින් කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සරුබව ඉහළ නැංවීමට සමත් අතර, එමෙන්ම තුර්කියේ සිදු කරන ලද පරීක්ෂණ අනුව වසරේ හිරු එළිය පවතින කාල සීමාවන් අතරතුර කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාව අනෙක් කාල සීමාවන්ට වඩා ඉහළ වන අතර ඒ සඳහා හිරු එළියේ අඩංගු මෙලටෝනින් (Melatonin)උපකාරී වේ.

ක්‍රමවත් නින්දක් ලබා ගැනීමට

නින්ද ක්‍රමවත් කිරීමට හිරු එළියට හැකියාව පවතින අතර, මෙලටෝනින් (Melatonin) හෝර්මෝනය මිනිස් ශරීරය තුළ නිසි මට්ටමින් පැවතීම අනවශ්‍ය ලෙස නිදා ගැනීම අවම කරයි. වසරේ උණුසුම ඉහළ මාසවල මිනිස් ශරිරයට නින්ද අවශ්‍ය වන්නේ කෙටි කාලයකි.

ඉහතින් දැක්වූ සියළුම ප්‍රතිලාභ හිරු එළිය හරහා මිනිස් සිරුරට ලැබෙන අතර, අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව වසරේ වැඩි කාල සීමාවක් ශ්‍රී ලංකාවට හිරු එළිය ලැබේ. උදෑසන සහ සවස් කාලයේදී හිරු එළියට නිරාවරණය වීමෙන් ඉහත ප්‍රතිලාභ ලබාගත හැකිය.

 හිරු එළිය හරහා මිනිස් ශරිරයේ පැවැත්ම සදහා සහය ලබා දෙන්නේ කෙසේද? .....<<< මෙතනින්..>>>.

වාතය:-

ජලය:- විශ්වය ආරම්භයේ පැවති ජලයේ ගුනාංග කිහිපයකින් යුක්තව ඇති අතර ජීවීන්ගේ පැවැත්ම සදහාත් විශ්වයේ පැවැත්ම සදහාත් එම සෑම ගුනාංගයක්ම ඉවහල් වේ

පස:-

ශාක වර්ග:-

මිනිසා ඇතුලු සියලුම ජීවීන්:-

පළතුරු:-

එළවලු:-

මෙම සෑම දෙයකටම විශ්වය විසින් යම් ජීවයක් එක්කොට ඇත්තේ සියලුම ජීවීන්ගේ සහ විශ්වයේ පැවැත්ම උදෙසාය.

මෙහි සදහන් කර ඇත්තේ විශ්වයේ පැවැත්ම සදහා ලබා දී ඇති විශ්වයේ ජීව ශක්තීන් කිහිපයක් පමණක් වන අතර මෙහි සදහන් නොකරන ලද.තවත් බොහෝ විශ්වයේ ජීව ශක්තීන් ඇතත් ඔබගේ දැන ගැනීම සදහා මෙලෙසින් සදහන් කරන ලදී.

බෝවෙන සහ බෝ නොවෙන රෝගයන් වැලදීම සදහ බලපාන කරුණූ:-

මිනිස් සිරුරට රෝගයන් වැලදීම සදහා බලපාන කරුණු වන්නේ හිරුඑළිය,වාතය,ආහාර,ජලය අපවිත්‍ර කර ගැනීම මෙන්ම තම මනසින් නිකුත් කරනු ලබන රිනාත්මක තරංගයන්ය. මෙවා විශ්වය විසින් ජීවීන්ගේ පැවැත්ම සදහා ලබාදුන් මහගු දායාදයන් වුවත් ඒවා අපිරිසිදු වන්නේ නම් හෝ අපිරිසිදු කරගන්නේ නම් මෙම මිහිතලයේ සිටිනා මනස දියුණූවට පත් මිනිසා පමණක් සතා සිව්පාවුන් මෙන්ම අනෙකුත් ජීවීන්ද කිසිදු රෝගාභාධයන්ට ලක්වෙනු ඇත.

කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව ජීවත් වීම සදහා පිළීපැදිය යුතු කරුණු ඇතුලත් ලොවට හදුන්වාදෙනු ලබන වෛද්‍ය ක්‍රමය වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy) වේ.

එහිදී ඉගෙන ගත යුතු හා පිළිපැදිය යුතු කරුණු වන්නේ..

1. රෝගයක් මර්ධනය කර ගැනීමට පළමුව අපගේ ශරීරයේ ඇති එක් එක් අවයවයන් පිළීබදව ඒවායේ ක්‍රීයාකාරිත්වය පිළීබදව දැනගත යුතුයි.

2. ශරීරයට වැළදෙන රෝගයන් මොනවාද?.

3. ශරීරයට රෝගයන් වැලදීමට හේතුවන කාරනාවන් පිළීබදව අවම වශයෙන් හෝ අවභෝධයක් තිබීම ඉතා වැදගත් කමක් ගනු ඇත.

4.විශ්වයේ තිබෙන සෑම දෙයකම මෙන්ම ගස් වැල් ආදීයේ අති ජීව ගුණය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.

5. මනස සහ මනසේ ශක්තිය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.

6. සිතුවිලිවල බලය පිළීබද දැනුම තිබිය යුතුයි.

7.විශ්වයේ නිතිය පිළීබදව දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.

8.හෙළ වෙදකම පිළීබදව සාමාන්‍ය දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.

රෝගයන් වැලදීමට සහ නිරෝගීව සිටිමට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළිය.වාතය.ජලය.ආහාර සහ මනස යන කරුණු වුවද මිනිසාගේ ජනගහනය ඉහලයාම නිසාත් කාර්මික වශයෙන් මෙන්ම විද්‍යාත්මකව දියුණුවට පත් වීමේදී පරිසරය විනාශ කිරීම් වැනි විශ්වයට අහිතකර කටයුතු නිසා හිරුඑළිය සහ වාතය අපිරිසිදුව යයි.ඒවා පිරිසිදු කර ගැනීම විශ්වය විසින්ම කරගනු ලබන්නේ මහජනතාව වෙත දරුණු ඝණයේ දඩුවම් ලබා දෙමිනි.වර්තමානයේ ලොවපුරා පැතිරි යන කොරෝනා වෛරසයද ඉන් එකක් පමණක් වන බැව් අවභෝධ කර ගත යුතුය. එය විශ්වයේ එක් දඩුවමක් පමණි.

ඉන්පසු මිනිසාට පිරිසිදු කර ගැනීමට අවැසි වන්නේ ආහාර.ජලය සහ තම මනස පමණි.

විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy)

විශ්වය ආරම්භයයේදී ජලයේ තිබූ ජීව ගුණය පිළීබදව මෙහි ප්‍රථමයෙන් සදහන් කරනු ලබන්නනේ සෑම ජීවියෙකුගේම පැවැත්ම සදහා මහත් පිටුවහලක් වෙන බැවින්ය.එය එසේ සදහන් කලද අනෙකුත් සෑම දෙයකම ජීව බලයද ඉතා වැදගත් කමක් ගන්නා බව අමතක නොකල යුතුය මිනිස් සිරුරේ සියයට හැත්තෑවක් හැත්තෑපහක් වෙන ජලය මෙම ගුනාංග සහිත වන්නේ නම් නිරෝගී සිරුරකට හිමිකම් කියමින් දිවි ගෙවීමට හැකියාවක් ඇත.

1. ජලය

ජලයේ ඇති ජීව ගුණය (ගුනාංග) ==
The 3 properties universe water are as follow.
*1) ප්‍රතිඔක්ෂිකාරක ගුණය. ANTIOXIDATION.
*2) භාෂ්මිකතාවය. ALKALINITY.
*3) ජලයේ අංශු කුඩාවීම.MICRO-CLUSTERING.
*4) ක්‍රියාකාරී හයිට්ට්‍රජන්.

ප්‍රයෝජනයන්

* ප්‍රතිශකතිකරණ පද්ධතිය(Immune System) සවිබල ගැනවීම.
* ශරීරයේ නිදහස් ඛණ්ඩක(Free Radicals)මගින් සෛල වලට සිදුවන හානිය වලක්වා ගැනීම
* ශරීරය ආම්ලිකවීම නැවැත්වීම(Alkalize).
* ශරීරයේ ඇති කෝටි ප්‍රකොටි ගන්න සෛල වලට අවෂ්‍ය කරනු ලබන ජලය පුමාණය ලබාදීම (Hydriaton).
* ශරීරයේ ඇති විෂ දව්‍ය ඉවත් කිරිම (Detoxifiction).

ප්‍රධාන කරැණූ
* දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
* පිලිකා රොගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
* ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
* පැහැපත් රුවක් ලබා ගැනීමට ඇති හැකියාව.
* දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
* ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල දමා ගනිමින් බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන් ගෙන් ආරක්ෂා වීමේ හැකියාව.

ජලය;-

සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.

   විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගන්වමින් ශරීරයේ ඇති කෝටි ප්‍රකෝටි ගනනින් වන සෛල හරහා ගොස් ඒවායේ ඇති විෂ හරණය කිරීමට සහ ශරීරය භාෂ්මික තත්වයේ තබා ගැනීමට හැකියාවක් තිබූ අතර කල ජිවත්වූ මිනිසා ඒවා ආරක්ෂා කර ගනිමින් පරිබෝජනය සදහා ලබා ගත් බැවින් ඔවුන් නිරෝගීව තම පරම ආයුෂ ගත කොට මිය ගිය බැව් සැම අයෙකුම දැනගත යුතු මෙම විශ්වයේ සහ සොබා දහමේ නිතියයි.

විශ්වය ආරම්භයේදී තිබූ ජලයේ තිබු ගුනාංග සහ ඒ හරහා ශරීරය පවත්වා ගන්නේ කෙලෙසින්ද යන්න මේ මගින් හදුන්වා දීමට කටයුතු කිරීම අරමුණයි.ඒ ඇති එම ගුනාංගයන්ගෙන් ශරිරයේ පැවැත්ම සදහා සහය ලබා දෙන්නේ කෙසේද යන්න විමසා බලමු.

මනුෂ්‍ය ශරීරයේ සියයට හැටපහත් හැත්තෑවක් ඇත්තේ ජලයයි.මෙම ජලය ආම්ලික වන්නේ නම් ශරීරය ආම්ලික වෙමින් සෛල විකෘති සෛල වීමක් සිදුනෙ බැව්ද ඒ හරහා රෝගී වීමට ප්‍රධානම හේතුවක් බව ජර්මන් ජාතික වෛද්‍ය වරයෙක් වන ඔටෝ වර්බ්ග් විසින් 1929 දී මතයක් ඉදිරිපත් කරන ලද අතර එම වෛද්‍යවරයාට 1931 දී නෝබෙල් ත්‍යාගයද පිරිනමා ඇත

අප විසින් පරිභොජනයට ගන්නා ජලයද කොටස් දෙකකින් යුක්තයි.ආම්ලික(Acidic) සහ භාෂ්මික(Alkaline) වශයෙන් හදුන්වනු ලබන අතර වැසි ජලයේ ඇත්තේ ආම්ලික(Acidic) ජලයයි.අතීත කාලයේදී අප ශ්‍රී ලංකාවේ ජලය ඉතාමත් පිරිසිදුව තිබුනද වර්තමානය වෙන විට බොහෝ ප්‍රෙද්ශයන් වල ජලය ආම්ලික වී ඇත.යමෙක් ආම්ලික ජලය පානය කරන්නේ නම් මුලු ශරීරය ආම්ලික තත්වයට පත්වෙන බවින් ප්‍රතිශක්තකරන පද්ධතිය අඩාල වෙමින් සෛල විකෘති විමට ලක්වේ.ඒ අනුව එක් අයවලුනට එක් එක් රෝගයන් වැලදීමටත් නිට්ඨාවට සුවවීම පමා කිරීමටත් හේතුවක් වී ඇත.අප නිරෝගීව දිවි ගෙවීමට නම් පිරිසිදු විශ්වය ආර්ම්භයේදී ජලයේ තිබු ගුණයන් සහිතව ජලය පනය කල යුතුයි.

 එම ගුනාංගයන්ගෙන් ශරිරයේ පැවැත්ම සදහා සහය ලබා දෙන්නේ කෙසේද? .....<<< මෙතනින්..>>>.
නිරෝගීව සිටිම සදහ සුදුසු ආහාර..

2.ආහාර

නිරෝගීව සිටිම සදහ සුදුසු ආහාර.

ගස් සහ වැල් විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යතා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට දිවිගෙවන ජීවින් ඒ සෑම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්යය කරමින් සිටින්නේ නම් එවන් අයවලුන් ආරක්ෂා කිරීම විශ්වයේ නිතියක් වන්නේය.තමන් විසින් පරිභෝජනය කරනා ආහාරද සුදුසු ආහාර විය යුතුය.යම් අයෙක් විශ්වයේ පැවැත්මට මෙන්ම විශ්වයේ නිර්මානයක් වන තම ශරීරයට උචිත නොවනා ජීවන රටාවකට හුරු වන්නේ නම් එම අයවලුන් රෝගයන්ට ගොදුරක් වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි කරුනක් වන්නේය.එය තේරුම් ගැනීමට කටයුතු කරන්න.නීරෝගී ශරීරයක් පවත්වා ගැනීමට හෝ රෝගී ශරීරයක් ඇත්තේනම් නීරෝගී විම සදහා භාෂ්මික ආහාර පරිභෝජනයට හුරුවිය යුතුයි.

ආම්ලික ආහාර සහ භාෂ්මික ආහාර යනුවෙන් කොටස් දෙකකි

අප ගන්නා ආහාර ආම්ලික(Acidic) ආහාර සහ භාෂ්මික(Alkaline) ආහාර යනුවෙන් කොටස් දෙකකින් යුක්තයි.ආම්ලික ආහාර අප වැඩිපුර පරිභෝජනයට ගන්නේ නම් අපගේ ශරීරය ආම්ලික වෙමින් රෝගයන්ට ගොදුරුවීමේ අවදානමක් ඇතත් කම ශරිරය නිසි අයුරින් පවත්වාගෙන යන්නේ නම් මෙම ආම්ලික(Acidic)ආහාරයන් පරිභෝජනය කිරීම ශරීරයට අහිතකර නොවෙන්නට පුලුවන.එහෙත් බරපතල ලෙසින් හෝ යම් රෝගයකට ගොදුරුව ඇති අයෙක් නම් මෙම ආම්ලික ආහාර සම්පූර්ණයෙන් නතර කිරිම එම අයවලුන්ගේ රෝගය සුව වීමට මහත් සහයක් ලබා දෙනු ඇත.

ආම්ලික(Acidic) ආහාර,භාෂ්මික(Alkaline) ආහාර යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෙම විශ්වයේ ඇති සෑම දෙයකටම ආම්ලික හා භාෂ්මික යනුවෙන් කොටස් දෙකක් ඇත.එය හදුනා ගැනීමේ පහසුව සදහා පීඑච් Ph (Power Of hitragen) අගය වශයෙන්ද දැක්විය හැක.එයින් අදහස් කරනුයේ යම් දෙයක අඩංගුව පවතින හයිට්රජන් ප්‍රමාණය වේ.මෙය බින්දුවේ සිට අංක දහහතර දක්වා අගයක් ගන්නා අතර බින්දුවේ සිට අංක හත දක්වා ආම්ලික (Acidic)වශයෙන්ද අංක හතේ සිට අංක දාහතර දක්වා අගය භාෂ්මික(Alkaline) වශයෙන්ද සදහන් කල හැක.මෙය විශ්වයේ නිතියක් වේ.

අපේ ශරීරයේ ඇති ලේ ධාතුවේ පීඑච් අගය වන්නේ 7.365කි.එය භාෂ්මික අගයක් ගන්නා අතර සෑම අයෙකුම තමන්ගේ ශරීරයේ පීඑච් අගය එම මට්ටමේ තබා ගැනීමට සමත් වන්නේ නම් මෙම විශ්වයේ දිවි ගෙවන කිසිවෙකුටත් රෝගයක් බෝවීමේ අවධානමකට ලක් නොවෙමින් තම පරමායුෂ ගෙවා දමමින් සිට මියයාමට හැකියාවක් ඇත.එහෙත් එය එසේ වෙන්නේ තමන්ට කර්මයක් නොමැත්තේ නම් පමණක් වන්නේ කර්මය මුල් කර ගනිමින්ද රෝගාභාධයන්ට මුල් වෙන බැවින්ය.ඒ සදහා තමන් විසින් මෙම කරුණු අනුගමනය කරනා අතරතුරදී ප්‍රතිකර්මයන් වශයෙන් ආගමික කටයුතුවල යෙදිය යුතු අතර එය හුදෙක් පුරුද්දක් වශයෙන් අදහන ආගම දහම මෙන් නොවිය යුතුයි.

ඒ පිළිබදව නිසි අවධානයකින් හා නිසි දනුමකින් යුක්තව කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය නිරෝගී පුද්ගලයෙකුව තම පරමායුෂ ගෙවා දමමින් සිට මිය යාමට හැකියාවක් ඇත්තේ කර්ම රෝගයක් උරුමව නොමැත්තේනම් පමණක් වනු ඇත.

 

නිරෝගීව සිටිමට මනසෙන් ඉටුකර ගත හැකි කාර්ය.

3. මනස

තම මනසින් සිදුකල හැකි කාර්ය ඉතාමත් වැදගත් වුවද වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් වන බොහෝ පිරික් තම මනසේ හැකියාව පිළිබද අවභෝදයක් නොමැතිව කටයුතු කරමින් සිටිති.එහෙත් අවභෝධ කරගත යුතු වැදගත්ම කරුණක් වන්නේ තම මනස තුලින් ශරීරයට නිරෝගීකම ලබා ගන්නේ කෙසේද යන්න දැන ඉගෙන ගැනීම තුලදීය.එය කිසිවෙකුටත් ඉටු කිරීමට නොහැකි වනවාක් මෙන්ම එය ඉටුකර ගත හැක්කේ තමන්ටම පමණක් වන බැව් සිහි තබා ගත යුතුයි.

තම ශරීරය නිරෝගීව තබා ගැනීමට සිටිමට මනස සකස් කර ගන්නේ කෙසේද?

මෙම ලිපියෙන් විශ්වයේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ගේ ප්‍රයෝජනය සදහා මුලික දනුමක් ලබා ගැනීම පිණීසය.මෙම වෙදකම තුලින් පිලිකා ඇතුලත් ඕනෑම රෝගයක් සුව කිරීමට හැකියාවක් ලැබෙන බැවින් අධ්‍යයනය කිරිම සහ විස්තර ලබා ගැනීමටත් මිතුරක් දැනුවත් කිරීමටත් කටයුතු කරන්න.

විශ්වයේ නීති.

  Universal Law. විශ්වයේ නිති.

විශ්වයට පැමිණී ඕනෑම අයෙකු විසින් විශ්වයේ නීතීන් දැන ගත යුතුය.එය නොදන්නේ නම් විශ්වයේ නිසි අයුරින් දිවි ගෙවීමට නොහැකි වෙනු ඇත.ඒ සදහා උදාහරණයක් වශයෙන් පෙන්වා දෙනනේ නම් යම් ආයතනයක සේවය කරන අයෙක් නම් ඔහු හෝ ඇය එම ආයතනයේ නිතිමාලාව දැනගත යුතු අතර එය නිසි අයුරින් ඉටු කල යුතුයි.ආයතනයට ඇතුලත් වූ වහාම ලැබෙන එම ප්‍රතිපත්තීන් වලට අනුකුලව රාජකාරින් ඉටුකල යුතුයි.එසේ නොවන්නේ නම් එම නීතියට පටහැනිව කටයුතු කරන්නේ කවුරුන් වුවද ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නාක් මෙන් විශ්වයේ නිතිමාලාවද විශ්වයට පැමිනෙන සෑම අයෙකු විසින්ම දැනගත යුතුයි. එහෙත් අවාසනාවකට මෙන් මනස දියුණුවට පත් බොහෝ මිනිසුන් මෙම නීතීන් නොදන්නා අතර දන්නා අයවලුන් නොදන්නා මෙන් සිටීමෙන් විශ්ව දඩුවම් වලට මේ වන විට මුහුණ දෙමින් සිටී.එබැවින් විශ්ව නිතින් පිළීබදව දැන ගැනිම සහ තවත් අයවලුන් දැනුවත් කිරීම ඔබගේ යුතුකම විය යුතුය.

  Universal Law. විශ්වයේ නිති දොළහ. <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


 
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon Charcoal Teeth Powder).
 විස්තර බලන්න See More>>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
Cinnamon Teeth Powder

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි..
The Healing Of Universal Life Force Energy
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ් පිටුව www.srilankaelle.com සහ www.kangenwatersrilanka.com
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com. . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න.. කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charc...