Friday, October 14, 2022

දියවැඩියා රෝගය Diabetes.

දියවැඩියා රෝගය Diabetes.

විශ්වය විසින් නිර්මාණයකර ඇති මිනිස් ශරීරයේ ක්‍රියාකාරිත්වය පිළිබදව කොතෙකුත් පරයේෂණයන් කලද එය කෙදිනකවත් අවසන් කල නොහැකි තරමට සංකිර්ණ දෙයක් බව අතීත මෙන්ම වත්මන් විද්‍යාඥයන්ටද ප්‍රශ්ණයක්ව ඇති බව සදහන් වේ.

එය එකිනෙක බැදුන අවයව ජාලයකින් සමන්විත වෙන අතර සිදුවෙන ක්‍රියාකාරිත්වය පුදුම සහගතය. මෙම සම්භන්ධතා ජාලයක් එක් අවයවයක හෝ ක්‍රියාකාරිත්වය බිද වැටුන හොත් එමගින් සිද්වෙන හානිය සුලුපටු නොවන බැවින් ඒ පිළිබද අවධානයෙන් සිටීම දැන ගැනීම ඉතාමත් අවශ්‍ය වන්නේ නීරෝගී මිනිසෙකු මෙන් දිවි ගෙවීම සදහාය.අද මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපගේ ශරීරයේ ඇති අග්න්‍යාසය හා ඒ හරහා අපට වැලදීමට හැකි රෝගයක් වෙන දියවැඩියාව නොහොත් මධුමේහය යන රෝගයයි.එය Diabetes යනුවෙන් ඉන්ග්‍රීසි භාෂාවෙන් හදුන්වනු ලබයි.

වර්තමානය වෙනවිට වැඩිහිටි පුද්ගලයන් දහදෙනෙකුගෙන් එක් අයෙකු (10:1) දියවැඩියා රෝගයෙන් පෙළෙන තත්ත්වයට රෝගීන් වාර්තා වේ.අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු අතර දියවැඩියා රෝගය ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වී ඇත. මෙහි තවත් භයානක පැතිකඩක් වශයෙන් තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීමයි.

සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ යම්කිසි සීනි ප්‍රමාණයක් ඇත. මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව ලෙස හැඳින්වේ.අපට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ සීනි වලිනි. රුධිරයේ ඇති මෙම සීනි අපගේ සිරුරේ ඇති සෑම සෛලයක්ම වෙත ලබාදේ.අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී "ග්ලූකෝස්" නැමැති සරල සීනි බවට පත් වීමෙන් පසු අපගේ රුධිරයට උරා ගනී

මෙම සීනි රුධිරයේ සිට සෛල වලට ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යය. මෙම සීනි අංශු සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් නම් ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය යතුර වේ. එම යතුර නොමැති විට සීනි සෛල තුළට නොයන අතර ලේ වල සීනි මට්ටම ඉහළ යයි.

01.මනුෂ්‍ය ශරීරයක් තුල තිබිය යුතු සාමාන්‍ය අගය
• FBS = 60 - 110 mg/dl ( පැය 10 ක් නිරාහාරව සිටීමෙන් පසු රුධිරයේ සීනි තත්වය )
• PPBS = 80 - 140 mg/dl ( ආහාර ගෙන පැය 2කට පසු පරීක්ෂා කරන රුධිරයේ සීනි තත්වය )

02.දියවැඩියාවේ වර්ග 3 ක් තිබේ.
1. පළමු වර්ගය (Type - 1)
අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ කොහෙත්ම නිපදවන්නේ නැත. බොහෝවිට මෙම තත්වය ඇති වන්නේ කුඩා දරුවන්ට හෝ තරුණ අයට යි. බටහිර ප්‍රතිකාරයට අනුව ඉන්සියුලින් පිටතින් සැපයිය යුතුය.
2. දෙවන වර්ගය (Type - 2)
මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුනද ඒවා සෛල මඟින් භාවිතා නොකිරීමයි. මෙම තත්වයට ආහාර පාලනය මඟින් හෝ ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකි අතර, සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීම ද අවශ්‍ය වේ.
3. ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව
• ගර්භනී අවධියේ දී රුධිර ගත සීනි මට්ටම වැඩිවිය හැක. (Gestational Diabetes)
• දරු ප්‍රසූතියෙන් පසුවද රුධිර සීනි මට්ටම වැඩිවී තිබිය හැක. පසුකලෙක දී එය දියවැඩියාව ඇතිවීමට හේතුකාරක විය හැක.

දියවැඩියා රෝගය යනු කුමක්ද?මිනිස් සිරුරේ අග්න්‍යාශයේ ලැන්ගර්හැන්දීපිකා (බීටා) සෛල මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය කිසිසේත්ම නිපද නොවීම, ශරිරයට අවශ්‍ය ප්‍රමාණයට නිපද නොවීම සහ ඉන්සියුලින් ක්‍රියාකාරී සෛල එයට ප්‍රතිරෝධීතාවය දැක්වීම, මෙම රෝගය ඇති වීමට ප්‍රධාන ලෙස බලපානවා. මෙම හේතුව නිසා රුධිරයේ ඇති සීනි (ග්ලුකෝස්) ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා දිර්ඝ කාලයක් නිරන්තරයෙන් ඉහළ යාම මෙලෙස හඳුන්වන්න පුළුවන්. මීට අමතරව සමහර ඖෂධ වර්ග, ජානමය හේතූන් මත, සමහර වෛරස් රෝග නිසා, ඉන්සියුලින් ප්‍රතිරෝධි හෝමෝන නිසාත්, අග්න්‍යාශයේ වෙනත් විවිධ රෝග නිසාත් මෙම රෝගය වැලඳෙන අවස්ථා දැකිය හැකියි.

03.වැළදීමට හේතුව.
* පෝෂදායක ආහාර නොගැනීම.
* ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය.
* පිරිසිදු ජලය පානය නොකිරීම.
* ශරීරයට අවශ්‍ය පරදි ජලය පානය නොකිරීම.
* ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම.
* හිරුඑළීය සහ පිරිසිදු වාතය නිසි පරිදි නොගැනීම.
* මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම්.
* නිසි අයුරින් ව්‍යායාම නොකිරීම.
* මානස නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම.
* ස්ථූලතාව. 
* මානසික ආතතිය
* අවම වශයෙන් ජානමය හේතූන්.

4. දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර ගත යුතු දේ.
* තැම්බූ රතු නාඩු සහල්.
* කඩල.
* උළුඳු පිටි ආහාර.
* කුරක්කන්.
* හාල් පිටි ආහාර.
* මුං ඇට .
* පලතුරු සාධාරණ ප්‍රමාණයක්.
* එළවළු සාධාරණ ප්‍රමාණයක්.
* මේද රහිත කිරි.
* කොලෙස්ටරෝල් රහිත මාගරින් වර්ග.
* බිත්තර සුදු මද ආදිය.

05. දියවැඩියා රෝගියකු ආහාරයට එක් කර නොගත යුතු දේ
* බොහෝ පැණි රසැති ආහාර.
* පුඩින්.
* චොක්ලට්.
* කේක්.
* පැණි බීම වර්ග.
* ග්ලූකෝස්.
* පැණි හකුරු.
* රට ඉඳි.
* සාමාන්‍ය සීනි.
* සම්පූර්ණ යොදය සහිත කිරි.
* චීස්.
* බටර්.
* බිත්තර කහමද.

06.දියවැඩියාව හෙවත් මධුමේහයේ රෝග ලක්ෂණ..

අධික කුසගින්න
• වෙව්ලීම.
• ඇඟට සීතලක් දැනීම.
• නාඩි වේගවත් වීම.
• පපුව ගැහෙනවාක් මෙන් දැනීම.
• හිසරදය.
• තිගැස්ම.
• නිදිමත හෝ ක්ලාන්ත ගතිය.
• සිහි නැතිවීමවැරදි ආහාර රටාව. 

 

වලක්වා ගන්නේ කෙසේද?පිෂ්ඨය සාහිත ආහාර ප්‍රධාන වශයෙන් (කොස්, දෙල්, මඤඤක්කා, අල, බතල, ඉදි ආප්ප, පිට්ටු, පරාටා, බත්, පාන්, ආප්ප නුඩ්ල්ස්) රුධිරගත ග්ලුකෝස් (සීනි මට්ටම) කෙරෙහි බලපාන ඔබේ පිගානෙන් 1/4ක ප්‍රමාණයකට සිමා කරන්න. මෙවැනි ආහාර තෝරා ගැනීමේදී නිවුඩ්ඩ, කුරුට්ට සහිත සහල් හෝ ධාන්‍ය (Whole Grain) වලින් සකසා ගත් ආහාර භාවිතයට ගැනීම වඩාත් සුදුසුය.
ඔබේ පිගානෙන් 1/2ක එළවලු සහ පළා අඩංගු වීම වඩාත් සුදුසුය. එළවලු තෝරා ගැනීමේදී කැරට්, බීට්, වට්ටක්කා වැනි වර්ණවත් එළවලු රුධිරගත සිනි මට්ටම වැඩි කිරීමට ඉවහල් වන හෙයින් අඩුවෙන්ද, වැටකොළු, පතෝල, මුරුංගා, කරවිල, කොහිල, කෙසේල්මුව, වම්බොටු වැනි කොළ පැහැති එළවලු, පලා වර්ග බහුලවද, ආහාරයට ගන්න.
ඔබේ පිගානෙන් 1/4කට ප්‍රෝටීනමය ආහාර එක්කරගන්න. මේදය අධික රතුපැහැ මස් වර්ග වන හරක් මස්, එළු මස්, උරු මස් සහ සතුන්ගේ තෙල් සහිත කොටස් ආහාරයට ගැනීම අඩු කල යුතුය.
පලතුරු ගැනීමේදී අතුරුපස ලෙස ගැනීමට වඩා ප්‍රධාන ආහාර වෙල් අතරට කෙටි ආහාර ලෙස ගැනීම වඩාත් සුදුසුය. හොදට ඉදුණු වර්ණවත් පළතුරු වලට වඩා මදක් ඉදුණු පළතුරු, කොළ පැහැති පළතුරු (පේර, නෙල්ලි, වෙරළු, කාමරංගා) අනුභව කිරීම රුධිරගත සිනි මට්ටම පාලනය කිරීමට ඉවහල් වේ.
සමබල ආහාරයක් සදහා මේද රහිත කිරි සහ කිරි නිෂ්පාදන භාවිතා කළ හැක.
හොදම පානය, පානිය ජලයයි. තේ, කොපි පානය කිරීමේදී සීනි රහිතව පානය කිරීමට පුරුදු වන්න.
ව්‍යංජන පිළියෙළ කිරීමේදී මේදය සහ මිටිකිරි අවම ලෙස පාවිච්චි කිරීමට සැලකිලිමත් වන්න.
දියවැඩියාවෙන් පෙලෙන ඔබට ඕනෑම වර්ගයක ආහාර රස විදීමට හැකිය. නමුත් පහත සදහන් ආහාර නිතර ගැනීමෙන් සහ වැඩිපුර ගැනීමෙන් වැළකීමට වග බලාගන්න.
සීනි, අයිස්ක්‍රීම්, හකුරු, පුඩිං, ජෑම් කෘතීම පැනිබිම, රස කැවිලි, සෝස්, මයෝනිස්, අධික ලුණු සහ තෙල් දමා සකසන ලද ආහාර වර්ග
අරක්කු, සහ වෙනත් මධ්‍යසාර වර්ග, සිගරට් වැනි මත්ද්‍රව්‍ය වලින් හැකිතාක් දුරට වැලකීම අත්‍යාවශ්‍ය වේ.

දුර්වල සීනි මට්ටම පාලනය හේතුවෙන් ඇතිවන දිගුකාලීන බලපෑම් මොනවාද?
* හෘදය - හෘදයාබාධ, පාද වලට දුර්වල රුධිර සැපයුම.
* ස්නායු පද්ධතිය - දෙපා හිරිවැටීම, තුවාල ඇති වූ විට ඒ පිළිබඳ සංවේදීතාව අඩු වීම හේතුවෙන් අවසානයේ පාද ඉවත්කිරීමට පවා සිදුවීම, අංශභාගය ඇතිවීම
* ඇස - සුද ඇතිවීම, අන්ධ භාවය ඇතිවීම
* වකුගඩු - මුත්‍රා ආසාදන, වකුගඩු ක්‍රියාවිරහිත වීම.

මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.නීරෝගී වීමටත් රෝගී අයෙකුනම් නිට්ඨාවටම සුවය ලබීමටත් මෙම වෙදකම හරහා ඉටුකරගත හැක.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි..ඒ හරහා පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය, ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකල හැකි අතර විස්තර ලබා ගැනීම සදහා පහත සදහන් සදහන් දුරකතන අංකයන ගෙන් විස්තර ලබා ගන්න.
The Healing Of Universal Life Force Energy
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ්පිටුවwww.srilankaelle.com. සහ www.kangenwatersrilanka.com.
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle.
දුරකතන අංකය 0718669451 සහ 0332262409


No comments:

Post a Comment

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න.. කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charc...