Friday, October 14, 2022

වකුගඩු රෝගය Kidney-Disease.

 

වකුගඩු රෝගය Kidney-Disease.

මිනිස් සිරුරේ පවතින අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රධාන (බහිස්ස්‍රාවීය) ඉන්ද්‍රියක් වන්නේ වකුගඩුයි. අත්ල තද කළ විට ප්‍රමාණයෙන් සමාන වකුගඩු, බෝංචි ඇටයක හැඩය ගන්නා අපූරු අවයවය ද වේ. ශරීරයේ ඉල ඇටවලට යටින් කොඳු ඇට පේළියට දෙපසින් උදර කුහරය තුළ මෙම වකුගඩු යුගලය පිහිටා තිබේ.

අප ආහාර අනුභව කළ විට සහ ජලය පානය කල විට පෝෂණ කොටස් සහ අපද්‍රව්‍ය ලෙස ජීර්ණයේදී කොටස්වලට වෙන්කෙරේ. පෝෂණ කොටසින් ශරීරයේ වර්ධනය/නඩත්තුව සිදුවන අතර අපද්‍රව්‍ය කොටස ශරීරයෙන් ඉවත් කෙරේ. ඉන් කොටසක් මළපහ ලෙසත්, කොටසක් මුත්‍ර ලෙසත් තවත් සුළු කොටසක් දහදිය ලෙසත් ශරීරයෙන් පිට කෙරේ.මුත්‍ර මඟින් බැහැර වන අපද්‍රව්‍ය කොටසේ කාර්යභාරය සිදු කරන්නේ වකුගඩු යුගලයි. අපගේ ශරීරයේ සම්පූර්ණ රුධිරය නිරන්තරයෙන්ම වකුගඩු හරහා පෙරීමකට ලක් කෙරෙන අතර ඉන් අපද්‍රව්‍ය කොටස් මුත්‍ර ලෙස බැහැර කෙරේ. පෝෂ්‍ය කොටස නැවත රුධිරයට මුදා හැරේ.

නිරෝගී වකුගඩුවල කාර්යභාරය
* මුත්‍ර නිපදවීම.
* අපද්‍රව්‍ය කොටස්, විෂ රසායනික සහ වැඩිපුර ජලය බැහැර කිරීම.
* ශරීරයේ ජලීය සහ ලවණ පදාර්ථවල සමතුලිතතාවය රැකගැනීම.
* රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම.
* විටමින් D නිපදවීමට දායකවීම සහ එමඟින් අස්ථි ශක්තිමත් කිරීම.
* රුධිර සෛල නිපදවීමට දායක වීම.

වකුගඩු යුගලය නිසි අයුරින් ක්‍රියා නොකරන විට
* මෙහිදී ශරීරයෙන් පිටවිය යුතු අපද්‍රව්‍ය ශරීරය තුළ තැන්පත් වීම සිදුවේ. එනම් යූරියා (Urea) සහ ක්‍රියටනීන් (creatinine) මෙලෙස තැන්පත් වීම සිදුවේ.
* ශරීරයෙන් පිට නොවිය යුතු අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයෙන් පිටවීම සිදුවේ. එනම්, ප්‍රෝටීන (Albumin) ග්ලුකෝස් මෙලෙස මුත්‍රා සමඟ පිටවීමට පටන් ගනී.
* ලවණ පදාර්ථවල අසමතුලිතතාවයක් හටගැනීම ද සිදුවේ. (සෝඩියම් N, පොටෑසියම් K)
* බැහැර කරන සහ නිපදවන මුත්‍ර ප්‍රමාණය අඩු වීම නිසා ශරීරය තුළ ජල පදාර්ථ එකතු වීම සිදු වන අතර රුධිර පීඩනය ඉහළයාම සිදුවේ. එසේම පාද මෙන්ම ශරීරය ඉදිමීම ද සිදුවේ.
* රුධිර සෛල සහ හිමොග්ලෝබින් (Hemoglobin) නිපදවීම අඩුවීම ද සිදුවේ.වකුගඩු ආශ්‍රිතව ගෙඩි ඇතිවීම වැනි ආසාදිත තත්ත්වයන්.

වර්මානයේ සමාජීය වශයෙන් බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇති වකුගඩු රෝගය මේ වන විට උතුරු මැද පළාතේ ප්‍රබලම සෞඛ්‍යමය ගැටළුව බවට පත්වී ඇත.ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශවලින් රෝගීන් විශාල වශයෙන් හමුවීම තුලින්  මෙම රෝගය  ලංකාවේ අනෙකුත් පළාත් වලද  පැතිරී  පවතින බවද පැහැදිලි වේ.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව සිදුවන්නේ මේ රෝගය හදුනාගත් දින සිට වකුගඩු බද්ධ කිරීමට සිදුවන දිනය දක්වා වු කාලය දිර්ඝ කිරීම සදහා ඖෂධ පද්ධති උපයෝගී කර ගැනීමය.මෙහිදී මුත්‍ර පෙරීමේ ප්‍රවණතාවය ( GFR අගය ) ක්‍රමයෙන් අඩුවන අතර අවසානයේ රෝගියා ජිවත් කරවීම සදහා වකුගඩු බද්ධ කිරීම සිදුවේ.මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇතිවන අතුරු ප්‍රතිඵලයක් ලෙස වකුගඩු පද්ධතියට හානි සිදු වීම, විෂබීජයක් වකුගඩු ආක්‍රමණය කිරීම, වකුගඩු රෝගයෙන් පෙලී සිටින විට ඒ සඳහා අඛණ්ඩව ප්‍රතිකාර නොගැනීම සහ ඇල්මැරුණු ප්‍රතිකාර සඳහා යොමුවීම වැනි හේතු නිසා ඉහත සඳහන් කළ වකුගඩු රෝගී අවස්ථාවට මුහුණ පෑමට සිදුවේ.

වකුගඩු රෝගය යනු කුමක්ද?
දිගු කාලයක් තුළදී වකුගඩුවලට සිදුවන හානිය නිසා වකුගඩු මගින් අප සිරුරේ ඉටු කරන කාර්යයන් කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම රෝගයයි.
මේ නිසා ඔබගේ ශරීරය තුළ ක්‍රියැටිනින්, යූරියා වැනි අපද්‍රව්‍ය එක්රැස් වන අතර මුත්‍රා සමග සමඟ ප්‍රෝටීන (ඇල්බියුමින්) පිටවීම සිදුවේ.
වකුගඩු රෝගය මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ ඇති නොකරයි. එමනිසා හඳුනාගත හැක්කේ පරීක්ෂණ මගින් පමණි.

වකුගඩු රෝගයට ගොදුරුව ඇති බවට පරීක්ෂාකර ගන්නේ නම් බටහිර වෙදකම් අනුව සිදුකර ගත හැක.වකුගඩු අකර්මණ්‍යතා අවස්ථා GFR අගය (ml/min 1.73m2)
1 වන අවස්ථාව 90 ට වැඩි
2 වන අවස්ථාව 61-90
3 වන අවස්ථාව 31-60
4 වන අවස්ථාව 16-30
5 වන අවස්ථාව 0-15
GFR යනු වකුගඩුවෙ ක්‍රියාකාරිත්වය මනින මිම්මකි.

වකුගඩු රෝගය (CKDU) සෑදීමට හේතු.

වකුගඩු රෝගය සෑදීමට හේතු වී තිබෙන්නේ ජලයේ පවතින ෆ්ලෝරයිඞ්, කැඞ්මියම් සහ දෘඪතාවය (කිවුල) යන සංඝටක තුනම එකම අයුරින් පිහිටා ක්‍රියාකිරීම්‍.

මෙම වකුගඩු රෝගය සඳහා දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ වකුගඩුවලට හානිකර ඖෂධ වැනි විද්‍යාත්මකව තහවුරු කළ සාධක හේතු සාධක.

ප්‍රදේශවල ජල මූලාශ්‍ර සියල්ලෙහිම මිශ්‍ර වී ඇති ෆ්ලෝරයිඞ්, ඇලුමිනියම්, කැඞ්මියම්, ආසනික් සහ මැග්නීසියම් වැනි වකුගඩු රෝගයට හේතුකාරක.

කැඩ්මියම්, ආසනික් , රසදිය වැනි  බැර ලෝහ මෙම රෝගයට හේතු කාරක වී ඇත. භෝග වගාවේදි අධික වශයෙන් කෘමි නාශක භාවිතය හේතුකොට ගෙන එම කෘමිනාශකවල ඇති අධිසාන්ද්‍රීය බැර ලෝහ පසට එක්වේ. මෙම පසෙහි කරන වගාවන්ට මෙම ද්‍රව්‍ය ඇතුළුවීමත් මිනිසාගේ සිරුරට එම ආහාර මගින් මේ විෂ රසායන ඇතුල්වීමත් සිදුවේ

වකුගඩු රෝගයෙහි රෝගී ලක්ෂණ

වමනය, හිසරදය,උදරයේ වේදනාව,අධික මුත්‍ර පහවීම, අධික තෙහෙට්ටුව,  හිසරදය,මුත්‍රා කිරීමේදී පෙණ සහිතව පිටවීම,ආහාරවල ලෝහමය සුවදක් දැනීම,ඇඟේ දුර්වලකම,අවුල් සහගතබව මෙන්ම සිතීමේ ශක්තිය අඩුවීම දැක්විය හැකිය.

රෝගයෙහි තුන්වන අවධියේදී රෝගියාගේ බාහිරව අත්පා ඉදිමීම, අධිරුධිර පීඩනය,රක්තහීනතාවය,අශ්ටි රෝග මුත්‍රා සමග රුධිරය පිටවීම, සහ රුධිරයේ සාන්ද්‍රණය අඩුවීම යන තත්ත්වයන් දක්නට ලැබේ. මෙහිදි හෘදයේ හා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අවමවීම තවත් රෝග ලක්ෂණයකි.

 තුන්වන අවදියේ සිට රෝගියාගේ අවසන් මොහොත දක්වා  අවධි 2 ක් පසුකළ යුතුය. 4 වන අවධියේ රුධිර පාරවිලයනය ද අවසන් අවස්ථාවේදී වකුගඩු බද්ධ කිරීමටද සිදු වේ. මේ නිසා රෝගියාට  හා පවුල්වල පුද්ගලයන්ට අධික වැය බරක් මේ සඳහා දරන්නට සිදු වේ.   වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙලෙන ගොවිතැනෙහි යෙදි සිටින්නන්වීම නිසා බොහෝවිට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට හැකියාව නොලැබේ. මේ නිසා මෙය බරපතල සමාජ ගැටළුවක් බවට පත්වීමට හේතු වී ඇත.

රෝගය පැතිරියාම වැළැක්වීමට  කළ යුත්තේ කුමක්ද?

රෝගය වැලදීමට පෙර ඉන් ආරක්ෂා වීමට කටයුතු කිරීම,රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව නිරෝගී පුද්ගලයන් මේ පිළිබදව දැනුවත් කිරීම ,

කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කිරීම,

කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට හේකු ලෙස සැලකිය හැකිය. මේ නිසා පිරිසිදු ජලය පාවිච්චි කිරිම ඉතා වැදගත් වේ.

වැව් ආශ්‍රිතව පවතින ජලජ ශාකයන් භාවිතයට ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. ජලය ආශ්‍රිතව වැවෙන නෙළුම්, කොහිල වැනි ශාකයන්ගේ අල වර්ග වල  මෙම බැර ලෝහ එක් වීමේ ප්‍රවනතාවය වැඩි වේ.

ඒ සඳහා  රෝගය පැතිර යන ප්‍රදේශවලට පිරිසිදු ජලය ලබා දීමට පියවර ගැනීම, විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර  ආහාර භෝග වගා කිරීම සහ ආහාරයට ගැනීම.

රෝගය වලක්වා ගැනීමට ගත යුතු ආහාර.

රතු බෙල්පෙපර්, ගෝවා සුදු හා රතු දෙකම, මල් ගෝවා, සුදුලූනු, රතුලූනු, ඇපල්, ස්ට්‍රෝබෙරි, රතු මිදි, බිත්තර සුදු මද, මාළු, ඔලිව් තෙල්, කරවිල,පුහුල්, කොමඩු, වට්‌ටක්‌කා, පිපිඤ්ඤා, කැකිරි, තියඹරා, දේවදාලි (වැල්රඹුටන්), ගොකටු, නීරමුල්ලිය, කෝමාරිකා, අක්‌කපාන, මුරුංගා, ගොකටු, පොල්පලා, නෙල්ලි.

 පොල්පලා , නීරමුල්ලිය වැනි ඖෂධීය ශාක තම්බා බීමෙන් මුත්‍ර ප්‍රදාහය වළක්වා ගත හැක.

රෝගය ඇතිවීමට බලපාන ආහාර.

වකුගඩු රෝගීන් පොටෑසියම් වැඩි ආහාරවලින් වැළකීම නුවණට හුරුයි. පොටෑසියම් වැඩි ආහාර කෙසෙල්, අලිගැටපේර, අර්තාපල්, වියළි පලතුරු, තක්කාලි, චොකලට්, බිම්මල්, මාංස භෝග, දෙහි, දොඩම්, නාරං ආදී පැඟිරි කුලයේ පලතුරු, ආදිය පොටෑසියම් අධික ආහාර අතර විශේෂයි. ඒ නිසා මෙම අහාර ගැනීම අහිතකරයි.

. අන්නාසි, අච්චාරු, බලමාළු, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැලකීම.මෙම ආහාර ආහාරයට ගැනීමෙන් මුත්‍ර ප්‍රදාහය ඇතිවීමට හැකියාව ඇත.

ක්ෂණික ආහාර වල ඇති E කාණ්ඩයට අයත් රසකාරක වකුගඩු ආශ්‍රිත රෝග හා පිළිකා ඇතිකිරීමට හේතුවන හෙයින් එම ආහාර ගැනීමෙන් වැලකී සිටිම.

විශේෂයෙන් සදහන් කල හැකි කරුණක් නම් මහාචාර්ය ජේ. බණ්ඩාර මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් අවසාන වශයෙන් නිගමනය කර ඇත්තේ වකුගඩු වලට හානිවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමින් ෆ්ලෝරයිඞ්, කැඞ්මියම් සහ ජලයේ දෘඪතාවය සහිත ජලය දීර්ඝ කාලීනව පානය කිරීම හේතු වන බව සදහන් කර ඇත.

එහෙත් ප්‍රධාන වශයෙන් පිරිසිදු ජලය,පිරිසිදු ඔෂධිය ගුණයෙන් යුක්ත ආහාර පරිභෝජනය කල යුතුයි.

කෙසේ වෙතත් මෙම වකුගඩු රෝගයෙන් නිට්ඨාවට සුවකර ගැනීම කලහැකි බැවින් ඒ සදහා කටයුතු කිරීම රෝගියාගේ මානසික තත්වය අනුව කල හැක.රෝගයන් බෝ වෙන්නට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළීය,වාතය,ආහාර,ජලය සහ තම මනසයි.එම කරුණු නිසි අයුරින් යම් වකුගඩු ‍රෝගියෙකුහට තම රෝගයෙන් නිට්ඨාවට සුවය ලබා ගැනීමට හැකියාවක් ඇත.එබැවින් ඒ අනුව කටයුතු කිරීමට කටයුතු කල යුතුයි..

ඕනේම රෝගයක් ඉතා ඉක්මනින් වැලදෙන්නේ පුද්ගල ශරීර තුල පවත්නා ප්‍රතිශක්තිය අවම වන අවශ්ථාවන් වලදීය.ඒ වාගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවම මට්ටමක පවතින්නේ නම් වකුගඩු රෝගය පමණක් නොව පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,අධී රුධිර පීඩනයඅක්මාවේ තෙල් තැම්පත්වීම,අධික තරබාරුව,හිරුවාරදය වැනි බෝ නොවෙන රෝග,මැලේරියා,ඩෙංගු කොරෝනා වැනි වෛරස් රෝග සහ හොරි,දද,කසානා,පොතු කඹර,සුදු කඹර,හිස් හොරි,කුරුලෑ අලුහම් මෙන් සමෙහි ඇතිවෙන අසාත්මික තාවයන් පවා ඇති වෙන්නේ එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය පහල ගිය විටයි.
එසේ නම් මෙම රෝගයන් හරහා ලෝකයට ලෝක ජනතාවට උගන්වමින් සිටින පාඩම කිහිපයක් ඇත.
ඉන් පළමු වැන්න වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අවශ්‍යතාවය මෙන්ම වැදගත්කම.
එසේ සදහන් කරනු ලබන්නේ මනුෂ්‍ය ජීවිතයේ පැවැත්ම සදහා ප්‍රභලම සාධකයක් වන බැවිනි.


ප්‍රතිශක්තිකරණය (Immunization) යනු කුමක්ද?
මිනිසා වන අප ජීවත් වෙන පරසරය තුල පියවි ඇසට නොපෙනෙන විෂබීජ,බැක්ටීරියා,දිලීර සහ වෛරස් බහුලව ඇති අතර ඒවායින් ශරීරය ආරක්ෂාකර ගැනීමට කරනු ලබන ආරක්ෂණයකි.එය පරිණාමයේ ප්‍රතිපලයකී.එය සෑම පුද්ගලයෙකුටම පොදු වෙන අතර එක් එක් මිනිසුන්ගේ ක්‍රියා කාරකම් නිසා තම තමන් විසින්ම අවම කර ගනී.
මේ විශ්වයේ කිසිදු දෙයක් කිසිම අයෙකුහට සගවා තාබා ගැනීමට නොහැකි වනවා මෙන්ම කෙදිනක හෝ එලියට බැමිනෙන බවද මින් සදහන් කරමි.එය විශ්වයේ නීතියයි.වර්ථමානයේ සිදු වෙමින් පවතින්නේද එයයි..
ආරක්ෂාකාරී වීම
මිනිසා වැනි කශේරුක සත්වයනිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ ප්‍රෝටීන ආහාර, සෛල, ඉන්ද්‍රියන් සහ පටක වලින් සමන්විත වේ. ප්‍රතිශක්ති පද්ධති මේවා එකට එකතු වී ගොඩ නැඟී ඇති නිසා ගතික ජාලයකි. මෙම සංකීර්ණ ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ලෙස, කශේරුකයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, විශේෂ රෝගකාරක වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකිවී ඇත. මෙම හඳුනාගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිශක්තිමය මතයක් නිර්මාන්‍ය කරන අතර අනාගතයේ දී හමුවන මෙම රෝගකාරක මඟින් සිදුවන ආසාදනවලදි පවා වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා දේ.
එය නිර්මාණය කරගනු ලබන්නේ තමන් විසින් ගන්නා ලද ආහාර රටාව අනුවයි..ආහාර රටාව වෙනස් වන්නේ නම් ශරීරයට පුතිශක්තියක් නිපදවා ගැනීමට නොහැකි වනවා ඇත.
පද්ධතියක් යනු කුමක්ද?
ඒකායන අරමුණක් සකස් කර ගැනීම සදහා අන්තර් ක්‍රියාකාරිත්වයකින් යුක්තව සාමුහිකව ක්‍රියා කරන්නා වූ සම්පත් සමූහයක් වශයෙන් හැදින්වේ.
පද්ධතියක අනිවාර්යයෙන් තිබිය මූලික ලක්ෂණ වන්නේ ඒකායන අරමුණක්,සම්පත් සමූහයක්,සම්පත් අතර ක්‍රීයාකාරිත්වය..ශරීරයේ ප්‍රතිශක්ති කරණ පද්ධතියටද මෙම සිද්ධාන්තය අනිවාර්යය වේ.
පද්ධතියක මූලික ගුණාංග..
ආදානය In Put :- ඇතුල් කරනු ලබන දේ
ක්‍රීයාවලිය Process :- ආදානය උපයෝගී කරගෙන කරන කාර්යය
ප්‍රතිපලය Out Put :-සැකසීමෙන් පසු පිටතලන දේ
පද්ධතියක් වශයෙන් නම් කරන ලද සෑම දෙයකටම පොදු මෙම ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරන පද්ධතිය හරහාද සිදුවන බැවින් ඒ පිළිබදච අවධානය යොමු කල යුතුයි.


ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) යනු ..
ශරීරයේ එකිනෙක සම්භන්ධීකරණය කරන සෛල සමුහයක් වශයෙන් හැදින්විය හැක.ආසාදනය හෝ රෝග වැනි සෙඛයය පිරිහීමකට හේතු විය හැකි බාහිර කාරකයන් ගෙන් ශරීරය ආරක්ෂාකර ගැනීමට එය විශ්ෂ වේ.තවත් අයුරකින් පවසන්නේ නම් රෝග වලින් යම් විශ්වයේ ජීවියෙකු ආරක්ෂා කර ගැනීම සදහා ඔහු විසින්ම නිර්මාණය කර ගන්නා එම ජීවියා තුල පවත්නා ජීව විද්‍යාත්මක සංශිද්ධියක් සහ විශේෂ ක්‍රියාවලියක් සිදුවෙන පද්ධතියක් වශයෙන් හැදින් විය හැක.
එය වෛරස්,බැක්ටීරියා ,දිලීර සිට පරපෝෂීත පණුවන් දක්වාත් පුලුල් වූ විවිධත්වයක් දක්වන රෝග කාරකයන් හදුනාගෙන සටන් කර ඔවුන් පරාද කිරිමට තරම් ශක්තියක් ගැබ් වී ඇත.
තවද මෙම රෝග කාරක සෛල වලින් ජීවී දේහ වල ඇති නිරෝගී සෛල හා පටක වෙන්කර හදුනාගෙන මනා ක්‍රියාකාරිත්වයක් ශරීරයට සිදුකර ගැනීමට උදව් වෙනු ඇත.
එසේනම් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි අයුරින් නිරෝගී කර ශක්තිමත් කර ගන්නේ කවුරුන්ද?ඔහු හෝ ඇය නොඑසේනම් ඕනේම විශ්ව ජීවියෙකුහට කොරෝනා වෛරසය නොව ලොව පවතින රෝගයන් අතුරින් බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගීව සිටීමට හැකියාවක් ලැබෙන බව අවභෝධ කර ගත යුතුයි...


ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් කොරෝනා වෛරසය ඇතුලු බෝවෙන රෝග සහ බෝ නොවෙන රෝගයන් ගෙන් වැලකී නිරෝගී පුද්ගලයෙක් වශයෙන් දිවි ගෙවන්නේ කෙසේද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කර ගනිමින් නීරෝගීව සිටීමට නම් ආහාරපාන ඉතා වැදගත් ස්ථානයක් ගනී.ඔෂධීය ගුණයන්ගෙන් අධික ගස් වැල් මෙන්ම මෙම විශ්වයේ ඇති පළතුරු එළවලු මෙන්ම පලා වර්ග මෙන්ම විශ්වයේ ආරම්භයට මුල්වූ හිරු එළිය ,වාතය පිරිසිදු ජලය මෙන්ම තම මනසද ඉතාමත් වැදගත් වේ

ආහාර ලංකාවේ තිබෙන සෑම ශාකයකම ඇත්තේ ඔෂධීය ගුණයකි.එය අවභෝධ කර ගත යුතුයි.පලා වර්ග.ඉරිමුසු,රණවරා,පොල්පලා,කොත්තමල්ලි,හීන්උදුපියලියා,මොනරකුඩුම්බිය,යකි නාරං, මදුරුතලා, බෙලි, කිරිඅගුණ, හාතාවාරිය, පාවට්ටා, නිදිකුම්භා, පලාවර්ග කැද වශයෙන් භාවිතා කල හැකි පලාවර්ග කිහිපයක්වේ. වෙනිවැල්ගැට කොත්තමල්ලි පස්පංගුව පානයද, රතුලූණු, සුදුලූණු, සූදුරු, මහදුරු, කහ, ගම්මිරිස්, කුරුදු, පැගිරි කුලයේ දොඩම්, දෙහි, ලෙමන් සහ දෙලුම්, අලිගැටපේර ගස්ලබු, පැණීකොමඩු, නෙල්ලි වැනි පළතුරුද?කොස් පොලොස් වැල වරකා, සිංහල,සහල් ආහාර මෙන්ම කැද වර්ග වශයෙන් පානයද වැදගත්ය..

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි.

ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි. ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත.
එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි..
The Healing Of Universal Life Force Energy
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
වෙබ් පිටුව www.srilankaelle.com සහ www.kangenwatersrilanka.com
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com. . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න

No comments:

Post a Comment

ශරිරයේ-සිනි-Blood-sugar.

එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න.. කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු Cinnamon & Cinnamon Charc...